බුදුරුව සහිත කාසිය


කණිෂ්ක රජතුමා
කණිෂ්ක රජතුමාගේ රාජ්‍ය කාලය ක්‍රි.ව. 120-162 දක්වා සමයයි. මහා දාර්ශනික පාර්ශව හිමියන්ගේ උපදේශකත්වයෙන් කණිෂ්ක රජතුමා විසින් සංගායනාව සඳහා කාශ්මීරයට භික්ෂූන් රැස් කරවන ලදී. ඉන් පන්සිය නමත් තෝරා කාශ්මීරයේ කුණ්ඩල වන විහාරයේදී පාර්ශව තෙරණුවන්ගේ ප්‍රධානත්වයෙන් පුරා සමසක් තුළ මෙම සංගායනාව කළ බව බෞද්ධ ඉතිහාසයේ දැක් වේ.

කණිෂ්ක රජුගේ සමයේ කාසිවල බුද්ධ රූපය දක්නට ඇත. එතුමා අඩි පන්සියයක් (500) උසට විශාල චෛත්‍යයක් ගොඩනගා එහි සර්වඥධාතු නිධන් කර ඇත. කණිෂ්ක අධිරාජයා බෞද්ධයකු වුවද සෙසු ආගම්වලටද ගරු බුහුමන් කළ රජතුමකු ලෙස ඉතිහාසය පවසයි.



කාසියේ එක්පසෙක බුදුරුවත් අනෙක් පස කණිෂ්ක රජුගේ රුවද නිරුපණය වේ. 

1 comment: