උඳුවප් පුර පසළොස්වක පෝය




සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම,ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි. ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇ‍රඹෙන්නේද උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.

බිනර පොහොය

මෙහෙණි සසුන ආරම්භවූ පෝය දිනය ලෙස ‍බිනර පෝය දිනය සඳහන් වේ. බුදුන් වහන්සේගේ සුළු මව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුරදුන්ගෙන් පැවිදි බව තෙවරක් ඉල්ලාද එය ලබාදීමට එකඟ නොවූ හෙයින්, බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිස මුඩු කර කසාවතින් සැරසී බුදුරජාණන් වස්කාලයේ වැඩසිටි කූඨාගාර ශාලාවවෙත පැමිණියෝය.

අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ට මෙම පිරිස තම ඉල්ලීම පවසා සිටි අතර, ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ.


එම ඉල්ලීමද තෙවරක් ප්‍රතික්ෂේප කර නැවත බලවත් පෙරැත්තය නිසා මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. මෙහිදී පෙර සිටි බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිළිපැදූ අෂ්ට ගරු ධර්ම මොවුන්ටද අදාල බවට මෙහිදී තීරණයවිය.


ධූතාංග සමාදානය සිදු කිරීම,සේරුවිල වාර්ෂික පිංකම් පැවත්වීම,බිනර පෝය දින වන්දනාකරුවන් විශේෂයෙන්ම වැඳ පුදා ගැනීමට යන්නේ මහියංගණයටයි.

ඇසළ පුර පසළොස්වක පෝය

ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම

බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම,මහාභිනිෂ්ක‍්‍රමණය ප‍්‍රථම ධර්ම දේශනාව වූ
“ධම්ම චක්ක පවත්තන සූත‍්‍රය” පස්වග

තවුසන් උදෙසා දේශනා කිරීම යන වැදගත් කරුණු සිදු වූයේ ඇසළ පෝය දිනයි. මීට අමතරව,රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයෙ දී මහා පෙළහර පෑම,කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.

අපේ විහාරස්ථානවල වැඩ වෙසෙන
භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි.


එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහැරත්, කතරගම , රත්නපුර, ඇම්බැක්කේ, දෙවිනුවර , අලුත් නුවර පෙරහැරත් ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි.


මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට දෙව්ලොවට වැඩමවා ගැඹුරු වු අභිධර්මය දේශණා කොට ඇත්තේද,බුදු පරිණිර්වාරනයෙන් පසු මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ ධර්ම සංගායනාවක් කළ යුතු යැයි තීරණය කිරිමද මෙම පෝය දිනයේදි සිදුව ඇත.

පොසොන් පුර පසලොස්වක පොහොයදිනය


බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුසමය හඳුන්වා දුන්හ. උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමක්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් ,භණ්ඩුක නම් අනාගාමී උපාසකත් යන රාජකීය, ධර්මදූත පිරිස මෙහි සැපත් වූහ. 

මෙම මහින්දාගමනය සිදුවූයේ තෙවැනි මහා ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රාහකත්වයෙන් පැවැති එම තෙවැනි ධර්ම සංගායනාවෙන් සිදු වූ මාහැඟි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදු දහම එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ඒ අනුව ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ ධර්මාශෝක අධිරාජයා ස්වකීය පුත්‍රයා වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් මෙරටට පිටත්කොට හැරීය.
දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපත් දූත පිරිසට එහිදී දේවානම්පියතිස්ස රජු මුණ ගැසිනි. මිහිඳු මහරහතන් වහන්සේ මහරජුට ස්වකීය දූත පිරිස මෙසේ හඳුන්වා දුන්හ.

සමූණාමයං මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තමෙව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා


“මහරජතුමනි, ශ්‍රමණයන් වන අපි ධර්ම රාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු”

දඹදිව සිට කෙසේ පැමිණියාහු දැයි, රජු ඇසූ ප්‍රශ්නයට මිහිඳු මහරහතන් වහන්සේගේ ලිහිල් පිළිතුර වූයේ “දියෙන් හෝ ගොඩින් හෝ නො ආම්හ” යන්නයි. එම පිළිතුර රජු තේරුම්ගත් බැව් දත් මිහිඳු මහරහතන් වහන්සේ රජු ගේ බුද්ධි මට්ටම පරික්ෂා කිරීමට ප්‍රශ්න කිහිපයක් ඇසූහ. ළඟම තිබූ අඹ ගසක් රජුට පෙන්වූ මිහිඳු මාහිමි “මේ කිනම් ගසක් දැයි ඇසීය. එවිට රජු “මේ අඹ ගසෙකැයි පිළිතුරු දුන්නේය. මිහිඳු මා හිමි,මේ ගස හැර තවත් අඹ ගස් තිබේද?

රජු එසේය,බොහෝ අඹ ගස් තිබේ.

මිහිඳු මාහිමි :- මේ අඹ ගසත් අනෙක් අඹ ගසුත් හැරෙන්නට තවත් ගස් තිබේද?

රජු :- එසේය තවත් බොහෝ ගස් තිබේ

මිහිඳු මාහිමි :- ඒ අඹ ගසත් අඹ නොවන ගසත් හැරෙන්නට තවත් ගස් තිබේද?

රජු :- එසේය. ඒ මේ අඹ ගසය.

බාහිර ලෝකයේ දක්නට ඇති උදාහරණයක් මුල් කරගෙන සිදු කළ මෙම සාකච්ඡාවෙන් රජුගේ තර්ක බුද්ධිය පිළිබඳ සෑහීමකට පත් මිහිඳු මාහිමි ඉක්බිතිව විමසූයේ රජු කේන්ද්‍රකරගත් ප්‍රශ්නයකි.

මිහිඳු මාහිමි :- නුඹට නෑයෝ සිටිත් ද?

රජු :- එසේය, බොහෝ නෑයෝ සිටිති


මිහිඳු මාහිමි :- නොනෑයෝත් සිටිත්ද?

රජු :- නොනෑයෝ ද බොහෝ වෙති

මිහිඳු මාහිමි :- නෑයෝත් නොනෑයෝත් හැර තවත් අය සිටිත් ද?
රජු :- ස්වාමීනි, ඒ මම වෙමි

මෙසේ සිදු කළ විධිමත් බුද්ධි පරීක්‍ෂණයෙන් පසු මිහිඳු මාහිමියනට දේවානම්පියතිස්ස රජු මනා බුද්ධිමතෙකු බව අවබෝධ විය. අනතුරුව පිරිස් සහිත රජුට තෙරුවන් පිළිබඳවත් බෞද්ධ චින්තනය පිළිබඳවත් හඳුන්වාදීමට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළේය. දේශනාවසානයෙහි රජු ප්‍රමුඛ සතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. මහින්දාගමනයෙන් දෙවැනි දිනයේදි රජ ගෙදර දී පේතවත්ථු, විමානූවත්ථු, සච්චූසංයුත්තාදිය මුල් කරගෙන ධර්ම දේශනා පැවැත්වීය. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට ඒ ගැන දැන් වූ හෙයින් මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක් රැස් වූහ. ඒ සියලු දෙනාට රජමැදුර ඉඩ මඳ වූයෙන් රජු මගුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය. ඉක්බිතිව මිහිඳු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේවදූත බාල පණ්ඩිත ,ආසිවිසෝපම ,අනූවතග්ගිය, ධම්මචක්කප්පවත්තන යනාදී සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵූලාබෝධයට පත් කරවූහ. මිහිඳු මාහිමි ප්‍රමුඛ ධර්ම දුතයන් වහන්සේලා ගේ වාසස්ථානය සඳහා ‘මහමෙවුනා උයන’ පූජා කළ රජු උන්වහන්සේ සමගම එම උයන වටා ඇවිද සීමාමාලකාදිය පිහිටූවිය යුතු තැන් නියම කරවා ගත්හ. දූත පිරිස සමග සැපත් භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලංකාවේ මුල්ම පැවිදි උපසම්පදාව ද ඇරඹිනි.

මෙසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ථෙරවාදී බුදු සමය මෙරටට හඳුන්වාදීමත් සමගම එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වූ බව මේ අනුව පැහැදිලිය. මෙකී සංස්කෘතිය නිසා මෙරට ජනතාව ගේ බුද්ධිය, ක්‍රියාකාරිත්වය හා අන්තර්පුද්ගල සබඳතාව ඉතා ඉහළම මට්ටමකින් පෝෂණය විය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හඳුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නොවේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන්ගේ සිතුම් පැතුම්,ආකල්ප, විශ්වාස හා අදහස් උදහස් සියල්ල පිළිබඳ මනෝවිද්‍යාත්මක අංශයෙන් අවධානය යොමුකොට සිදු කළ අත්‍යදාර වූ ධර්ම දූත සේවාව පිළිබඳ සිහිකිරීම ශ්‍රී‍්‍ර ලංකාවාසීන් ලෙස සිදුකළ යුතු ම දෙයක්ව පවතියි.

රටක අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කරවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. එය ඉතා විචාරශීලි බුද්ධිමය පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන ලෙස සිදු කළ යුත්තකි. මෙහිදී මිහිඳු මාහිමි සිදුකළේ ප්‍රාග් බෞද්ධ යුගයේ ලංකාවේ පැවති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි. පැවැති සංස්කෘතිය හෙළා දැක විවේචනය කිරීමවත්, එය සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමවත්, මෙහිදී සිදු නොවුණි. මිහිඳු මාහිමියන්ගේ මෙකී දූරදර්ශී වැඩපිළිවෙළ නිසාම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූවෝ බෝධි වන්දනාව හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුණහ. ගිනි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදූහ මළවුන් ඇදහු අය මළවුන්ට පින් අනුමෝදන් කරූවීමෙන් එම යුතුකම් සිදු කළහ. ගල් පර්වතවලට වන්දනාමාන සිදු කළෝ චෛත්‍ය හා බුදු පිළිමවලට වන්දනා කිරීමෙන් ස්වකීය ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සලසා ගත්හ. දෙවියන් ඇදහූ අය දෙවියන්ට පින්දීමට හුරුපුරුදු වූහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාරක විධීන් හුරුපුරුදු වූ ජනතාව බුද්ධියේ නිම්වළලු පුලුල්වීමත් සමගම හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජාදිය කෙරෙහි කෙමෙන් කෙමෙන් නැඹූරු වූ බවයි.

අප ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය, චිත්‍ර මූර්ති කැටයම්, ගෘහ නිර්මාණ ශිල්පය යනාදියෙහි පදනම මහින්දාගමූනයයි. අප සිංහල අක්ෂර සම්ප්‍රදාය ද තත්ත්වයට හැඩ ගැසුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් සමග සිරිලකට වැඩූමවීම නිසාද අපට උරුම වු සංස්කෘතික දායාද රාශියකි. තවත් අතෙකින් බැලූ කල මහින්දාගමනයත් සමගම අපට උරුම වූයේ එවූකට ලෝකයේ පැවැති විශිෂ්ටතම කලා සම්ප්‍රදාය වූ මෞර්ය කලා සම්ප්‍රදායයි. බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂී දායකත්වයකි. 

සඳකඩ පහණ, වාහල්කඩ වැනි කලා නිර්මාණ සේම මහා කලුගල්වලට පණ පෙවූ සමාධි පිළිමය, අවුකන පිළිමය වැනි විශ්වකලාවේ සමතැන් ගන්නා අග්‍රගණ්‍ය කලා කෘති නිම වූයේ, මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයත් සමග වැවයි, දාගැබයි,කෙතයි යන සංස්කෘතික සබැඳියාවත්, ථෙරවාදි බුදු සමයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත්වීමත් අප ගේ අනන්‍යතා ලක්ෂණ මනාව මූර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ හැකිය. මහින්දාගමනයත් සමගම අපට උරුම වූ උසස් සංස්කෘතික හරපද්ධතීන් හා කලා නිර්මාණ මතු අනාගත පරපුර වෙනුවෙන් රැක ගැන්ම සඳහා ක්‍රියා කිරීමට මෙම පොසොන් පොහොයදා අපි තරයේ අදිටන් කර ගනිමු.

 ඌරුගමුවේ අස්සජි හිමි 

බුදුසරණ අන්තර්ජාල කළ‍ාපයෙනි

ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වු උතුම් වෙසක්පුර පසලාස්වක පොහෝ දිනය

අනේක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං
    ගහකාරං ගවේස්න්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරකං දිට්ඨෝසි - පුනගේහං න  කාහසී
සබ්බා තේ ඵපාසකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංකාර ගතං චිත්තං - තණ්හානං ඛය මජ්ඣාංගා

“ පඤ්චස්කන්ධය නැමැති ගෙය හදන තෘෂ්ණාව නැමති
වඩුවා සොයමින් නොදැක නොයෙක් ජාතීන්හි සසර
ඇවිද්දෙමි.  නැවත නැවත ඉපදීම දුකය. එම්බා වඩුව මම තා
දිටිමි. නැවත ගෙය නොසාදන්නෙහිය. තාගේ කෙලෙස් නැමැති
සියලු පරාළ යෝ විනාශ කළෙමි. අවිද්‍යාව නැමැති කැණිමඬල
සිද දමන ලදි. මාසිත අරමුණු කිරීම් නැමති විසංඛාර නම් වූ නිවනට
ගියේය. තෘෂ්ණාව විනාශ කිරීම මම සම්පූර්ණ  ‍කළෙමි.”

‍෴‍ගෞතම  සම්මා සම්බුදුරජාණන් වහන්සේ෴


බක් පෝහෝ දිනය


ක්දිව දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත්වූයේත්,බුදුරදුන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකමත් වූයේත් දහම් අමා මිහිරෙන්නොයෙක් සනා නිවී සැනසී ගියේත් මේ පොහෝදා වේ.

බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර - මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.










තර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම යන සිදුවීම් බක් පොහෝදින සිදුවූ බව සාසන ඉතිහාසයේ සඳහන් වේ.

මැදින් පුරපසලොස්වක පොහොය



මැදින්පුර පසළොස්‌වක පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයකි. බුදුරජාණන් වහන්සේ පියරජු ඇතුළු තම නෑයන්ට දහම් දේශනාකොට සදහම් මගට යොමු කළේ මැදින් පුර පෝදාය.

සුද්ධෝදන රජු තම පුත්‍ර වූ බුදුරදුන් දැක බලා ගැනීමට මහත් ආශාවෙන් පසුවූ අතර නව වතාවක්‌ම බුදුරදුන් වැඩමවාගෙන ඒමට දූත පිරිස්‌ යෑවීය. ඒ සියලු දෙනාම බුදුරදුන් සමීපයේ පැවිදිව එහිම කල් ගෙවීය. අනතුරුව කාළුදායි ඇමැතිවරයා දුත පිරිසක්‌ සමඟ බුදුරදුන් වැඩමවා ගෙන ඒමට යෑවූ අතර ඔහු ද බුදුරදුන් වෙත ගොස්‌ පැවිදිව නොබෝ දිනකින් බුදුරදුන් අමතා පියරජු ඇතුළු ශාඛ්‍ය වංශික ඥාතීහු උන්වහන්සේ දැක බලා ගැනීමට ඉමහත් කැමැත්තෙන් සිටින බව දැන්වීය. එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ විසි දහසක්‌ රහතන් වහන්සේලා සමඟ කිඹුල්වත්පුරට වැඩම කළහ.

බුදුපාමොක්‌ මහ සඟන පිළිගැනීමට එදින ශාක්‍යයෝ විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. එහෙත් මල් ආදිය බුදුරදුන්ට පුදා නමස්‌කාර කළේ කුඩා දරු දැරියන් පමණි. ඊට හේතුව ශාක්‍යයන් තුළ පැවැති අධික මානය හා අහංකාර බවයි. එය දිවැසින් දුටු බුදුරදුන් යමාමහ ප්‍රාතිහාර්ය පෑවේය. එය දැක විශ්මයට පත්වූ ශාක්‍යවංශික ඥාතීහු බුදුරදුන්ගේ විශිෂ්ට හැකියා දැක බුදුරදුන් ඇතුළු මහා සඟනට නමස්‌කාර කළහ. පියරජු ද එහිදී වන්දනා කළේය. බුදුරදුන් එම අවස්‌ථාවේ වෙස්‌සන්තර ජාතකය මුල්කරගෙන ධර්මය දේශනා කළහ. ඒ ඇසූ පියරජු ඇතුළු ඥාතීහු ධර්මාවබෝධය ලබා ගත්හ. ශාක්‍යවංශිකයෝ එදින බුදුරදුන් ඇතුළු භික්‌ෂු සංඝයාට වැඩසිටීමට නිග්‍රෝධාරාමය නමින් ආරාමයක්‌ තනවා පූජා කළහ.

පසුදා බුදුපාමොක්‌ මහ සඟන කිඹුල්වත් නුවර පිඬුසිඟා වැඩියෝය. ඒ දුටු පියරජු බුදුරජුන් වෙත පැමිණ පිඬුසිඟා වැඩම කිරීම අපේ වංශයට නිඟාවක්‌ බව කීය. එහිදී බුදුරදුන් පියරජු අමතා තමන් දැන් බුද්ධත්වයට පත්වූ නිසා බුද්ධ වංශයේ බවත් බුද්ධ වංශයේa සියලු බුදුවරු පිඬුසිඟා වඩින බවත් දේශනා කළ සේක. එහිදී රජු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟනට පසුදා දහවල් දානයට තම රාජ මාළිගයට වැඩමකරවන ලෙස ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගත් බුදුරදුන් පසුදා දහවල් දානයට වැඩම කොට දානය වළ¹ අවසානයේ ධර්මය දේශනා කළ සේක. එම ධර්මය අසා පියරජු ඇතුළු ඥාති පිරිස දහම් අවබෝධය තුළින් මාර්ගඵල ලබාගත්හ. එහිදී සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියද සෝවාන් මාර්ගඵලයට පත්විය යශෝධරා දේවියගේ සිරියහන් ගැබට ද වැඩි බුදුරදුන් ඇයගේ ගුණ වර්ණා කරමින් සඳකිඳුරු ජාතක කථාව දේශනා කළ සේක.

බුදුරදුන් මැදින් පුර පොහෝදා සිදු කළ කිඹුල්වත්පුර ගමනේදී විශාල පිරිසක්‌ දහම් අවබෝධ ලබාගත් අතර තවත් පිරිසක්‌ පැවිදි බිමටත් පත්වූහ. නන්ද, රාහුල, ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වූහ.

දුරුතු ‍පොහොය


තිලෝගුරු බුදුරජානන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය එනම් මහියංගනයට වැඩම කිරීම දුරුතු පොහෝ දින සිදු විය.සුමන සමන් දෙවියන්ට කේශ ධාතු පූජා කිරීමද මෙදින සිදුවිය.ලොව්තුරා සම්මා සම්බුදු පදවියෙන් අභිසෙස් ලබා නව මසක් ඇවෑමෙන් එළඹුණු පින්බර දුරුතු පෝය දවසේ උරුවෙල් දනව් පියසෙහි වාසය කල උරුවෙල කාශ්‍යප,නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යපයන තුන්බෑ ජටිලයන් ප්‍රධා දහසක් දෙනා බුදුරජානන් වහන්සේගෙන් ධර්මය අසා තෙරුවන් සරණ ගොස් ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූහ.