අවිධහිත පුණ්ය භූමි



අවිධහිත පුණ්‍යභූමි සතර මෙසේ
  
1වජිරාස්‍රන පුණ්‍යභූමිය
සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ලොව්තුරා බුද්ධත්වයට පත්වන පුණ්‍යභූමිය.
 2ඉසිපතන මිගදාය පුණ්‍යභූමිය
සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ප්‍රතම ධර්ම දේශණාව සිදුකරන පුණ්‍යභූමිය.   
3සැවැත් නුවර ජේතවන ණ්‍යභූමිය
සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ලොව්තුරා බුද්ධත්වයට පත්වීමෙන් පසුව වැඩිමකලක් වැඩසිටින පුණ්‍යභූමිය.
   
4සංකස්ස පුණ්‍යභූමිය
සෑම බුදුරජාණන්වහන් සේ නමක්ම දිව්‍ය ලෝකයට වැඩම කර අභිධර්මය දේශනාකොට දිව්‍ය ලෝකයේදීම වස් පවාරණය කොට ලෝකවිවරණ මහා ප්‍රාතිහාර්ය සිදුකරමින් දෙව් බඹුන් පිරිවරා ගෙන රන් හිනිමඟකින් අහසේ සිට වැඩමකොට දක්ෂිණ ශ්‍රී පාදය තබන පුණ්‍යභූමිය.

වජිරාස්‍රන පුණ්‍ය භූමිය

බුද්ධ ගයාවේ වජිරාස්‍රන පුණ්‍යභූමිය කියි කියනුයේ ලොව ඇති අසිරිමත්ම පූජනීයතම භූමියයි. මේලෝකයේ පහළවන සියලූම බුදුරජාණන් වහන්සේලාම සම්බුද්ධත් වයට පත්වන්නේ බුද්ධගයාවේ වජ්රාස්‍රන පුණ්‍යභූමිය මතයි.

කල්පයක්අවසන් වෙලා අලුතින් කල්පයක් ආරම්භ වෙද්දී එ කල්පය ආරම්භයත් සමගම දඹදිව මධ්‍ය ප්‍රදේශයේ පිහිටි වජ්රාස්‍රනය මතින් එක් නෙළුම් මලක් පොළොවෙන් පැන නගිනවා බුදුරජාණන් වහන්සේලා දෙනමක් ඒ කල්පය තුල පහල වෙනවානම් නෙළුම් මල් දෙකක් පොළොවෙන් පැනනගිනවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවන බුද්ධ ශුන්‍ය කල්පයක්නම් කිසිදු නෙළුම් මලක් මතු වන්නේ නැහැ. මෙසේ මේ අසිරිමත් සිදුවීම දකින දෙවියන් බ්‍රහ්මයන් මේ කල්පයේදී පහල වන බුදුරජාණන් වහන්සේලා කොපමනද යන්න කල්පය ආරම්භයත් සමඟම දැනගන්නවා.

මේ මහා භද්‍ර කල්පය බුදුරජාණන් වහන්සේලා පස් නමකගෙන් සුන්දරවන කල්පයක් වනඅතර ආරම්භයේදි වජ්රාස්‍රන පුණ්‍යභූමිය මතින් නෙළුම් මල් පහක් පැන නැග්ගා බුද්ධ ශුන්‍ය කාල වලදී පවා වජ්රාස්‍රන පුණ්‍යභූමියට ඉහළින් කිසිම දෙවියෙක් බ්‍රහ්මයෙක් වත් ගමන් නොකරන අතර බුද්ධ ශුන්‍ය කාල වලදී ඒ පුන්‍යභූමිය වනාන් තරයක් සේ ගස්කොළන් වලින් වටවී ආරක්ෂිතව පවතින බව සඳහන් වෙනවා.
සම්මා සම්බුද්ධත්වය පිණිස පාරමී ධර්මයන් සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේ නමක් තුසිත දිව්‍ය ලෝකයෙන් චුතවෙලා බෝසත් මවගේ කුසේ පිළිසිඳගෙන හරියටම මාස දහයක් මව්කුසේ වැඩිලා පුංචි බෝසත් පුතෙක් ලෙස මිනිස් මවුකුසෙන් ලෝකයට බිහිවන දවසේදි මයි උන් වහන්සේ වෙනුවෙන් ‍‍‍බෝධි වෘක්ෂය වජිරාස්‍රනය මතින් පැන නගී.මෙය කවුරුත් රෝපණය කරනවා නොවෙයි.

මේ මහා භද්‍ර කල්පයේකකුසඳ නමින් සම්මාසම්බුද්ධත්වයට පත්වුන බුදුරජාණන් වහන්සේ එදා බෝසත් පුතෙකු ලෙස මෙලොව එළියදුටුදිනම උන්වහන්සේ වෙනුවෙන් මහරි වෘක්ෂයේ බෝ අංකුරයක් වජ්රාස්‍රනය මතින් පැන නැගුණි. එසේම කෝනාගමන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දිවුල් වෘක්ෂයත් සිද්ධාර්ථ ‍ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇසතු වෘක්ෂයත් උන්වහන්සේලා බෝසත් මවුකුසින් මෙලොව එළිය දකිනවාත් සමගම වජිරාස්‍රනය මතින් පැන නැගුණි. එසේ පැන නගිනුයේ උන්වහන් සේලා සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී සෙවන සැලසීමටයි. මෙසේ අප ගෞතම බුදුරදුන් අවුරුදු තිස්පහක් වයසගෙවා සම්මා සම්බුද්ධත්වයට පත්වෙද්දී වජිරාස්‍රනය මතින් පැන නැගීතිබූ බුදුරජාණන් වහන්සේට සෙවන සැලසූ ඒ ඇසතු වෘක්ෂයේත් වයස අවුරුදු තිස්පහක් විය.

එදා බෝසතාණන් වහන්සේ සොථිතිය බමුණාගෙන් ලද කුස තණ මිටි අට උතුරු දිශාවට වන සේ අතුරා ඒ මත වැඩ සිටිනවාත් සමගම මහපො‍ළොව කම්පා විය. බෝසතාණන් වහන් සේට වැටහුනා අතීතසේ සම්මා සම්බුද්ධත්වයට පත්වූ බුදුරජාණන් වහන්සේලා වැඩසිටිය දිශාව මෙය නොවන බව. ඉන්පසු උන්වහන් සේ දකුණු දිශාවටත් බටහිර දිශාවටත් මුහුණලා වැඩසිටිනවාත් සමඟම යළිත් මහ පොළොව කම්පාවිය. ඉන්පසු උන්වහන්සේ නැගෙනහිර දිශාවට මුහුණලා වැඩසිටින විට එසේ කමිපාවීමක් මිදුවුයේ නැත. සියළුම බුදුරජාණන්වහන් සේලා සම්මා සම්බුද්ධත් වයට පත්වන් නේ නැගෙනහිර දිශාවට මුහුණලා වැඩසිටිමින්ය. මෙසේ අප මහා බෝසතාණන් වහන්සේ ඒ ඇසතු ගස මුල වැඩසිට ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ නැගෙනහර දිශාවට මුහුණලාය.

මෙසේ අපමහා බෝසතාණන් වහන් සේ ඒ ඇසතු ගස මුල වැඩසිට ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වනවාත් සමගම දසදහසක් ලෝක ධාතුවපුරා ආලෝක ධාරාවන් විහිදී ගියා. ඝන අන්ධකාර‍යේ පවතින ලෝකාන්තරික නිරයපවා ආලෝකමත්විගියා. සියලු බුදුවරයන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත්වන ඒ උතුම් වජ්රාස්‍රන පුණ්‍යභූමිය මතදී මේ මහා භද්‍ර කල්පයේ හතරවැනි බුදුරජාණන් වහන්සේ වන අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණා.

අපි මේ කතාකළේ සෑම බුදුරජාණන් වහන් සේ නමක්ම පරිහරණය කරන පළවැනි අවිධහිත පුණ්‍යභූමිය ගැනයි.

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු අවුරුදු පන්දහසකට පසු ධාතු පරිනිර්වණය සිදුවන්නේ මේ වජිරාසන පුණ්‍යභූමිය අසලදීමයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් හරියටම අවුරුදු පන්දහසක් සම්පූර්ණ වන වෙසක් පුන් පෝහෝ දවසක ලෝකයේ සෑමතැනකම පවතින සර්වඥ ධාතූන් වහන් සේලා සියල්ල අහසිට පැන නැගිලා බුද්ධගයාවේ වජ්රාස්‍රනය අසලට අහසින්ම ගමන් කරනවා. මුලින්ම රුවන්මැලි මහා සෑයේ තැන්ත්ව වැඩසිටින ද්‍රෝනයක් සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගල නාගදිප චෛත්‍ය රාජයාණන් වහන්සේ අසලට වැඩම කොට එතැනින් බුද්ධගයාවේ වජ්රාසනය ළඟට වැඩමකරනවා.
දඹදිව බුද්ධ ග‍යාවේ වජ්රාසනයට ඉහළින් අහසේ දී තමයි ලෝකයේ සෑමතැනම ඇති සර්වඥ ධාතූන් වහන්සේලා සියල්ල එකට එකතුවී බුද්ධ ශරීරයක් මැවෙන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස වැඩසිටිය වජිරාස්‍රනය පොළොව පලාගෙන අහසට පැන නගිනවා. සර්වඥ ධාතූන් වහන් සේලා සියල්ලම එකට එකතු වී ධාතුන් වහන්සේලා තුලින් බුදුරුව මවාගනිමින් දසදහසක් සක්වලම ආලෝක මත් කරමින් සවණක් ඝණ බුද්ධ රශ්මි මාලාවක් විහිදවමින් යමා මහ පෙළහර පෑමත් සිදුවෙනවා.

ඒ සිදුවීම දකින දෙවියන් බ්‍රහ්මයන් අද අපේ ශාස්තෘන් වහන්සේගේ ධාතු පරිනිර්වණය සිදු වෙනවා යැයි කියමින් දිව්‍යමය මල්, දිව්‍යමය සුගන්ධයන් රැගෙන අහසේ සිට ඒ මල් සුවඳ වර්ග විසුරවමින් වන්දනා කරනවා.

මෙසේ ඒ අසිරිමත් යමා මහ පෙළහර සිදුකොට අවසන් වනවාත් සමඟම බුදුරුව වජ්රාස්‍රනයමත වැඩ සිටිනවා. ඒ සැනින් මහත්වු ගිනි ජාලාවක් හටගෙන සර්වඥධාතූන් වහන්සේලා ගෙන් සැදුණු බුද්ධ ශරීරය ආදාහනය වීම සිදුවනවා. මෙ‍සේ ධාතු පරිනිර්වාණය සිදුවනු ඇති.

ධාතු පරිනිර්වාණයෙන් පසු අබ ඇටයක  ප්‍රමාණයේ කුඩා සර්වඥ ධාතූත් වහන්සේනමක් වත් ඉතිරිනොවී සියලුම ධාතූන් වහන්සේලා අහසේම දැවී පිළිස්සී අළුවත් දැලිවත් ඉතිරි නොවී අතුරුදහන් වෙලා යනවා.
මෙසේ බලන කළ සියලු බුදුවරයන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත්වන වජ්රාස්‍රන පුණ්‍යභූමිය ලෝකයේ පිහිටි අසිරිමත්ම උත්තම පුණ්‍යභූමියක් ය යන්න සිහිකරමින් ඔබට වන්දනා කළ හැක.

බුදුරජාණන් වහන්සේ විසින් පිරිනිවන් පෑමට මොහොතකට පෙර සිදුකළ අධිෂ්ඨාන පහක් පිළිබඳව සඳහන් වෙනවා.
එ අධිෂ්ඨාන පහෙන් තුනක්ම වජ්රස්‍රනය මත පිහිටි ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ සම්බන්ධවයි.

1ධර්මාශෝක රජතුමා විසින් ලංකාද්විපයට යැවිම පිණිස ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ මහා ශාකාව වෙන් කිරීමට පැමිණෙන කල්හි දක්ෂිණ මහා ශාකාව ඉබේම වෙන්වී රන් ක‍ටාරමේ පිහිටන සේක්වා!  

2 රන්කටාරමේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ මහා ශාකා‍වේ පත්‍ර වලින් සවණක් ඝන රැස් විහිදේවා!

3 ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ මහා ශාකාව රන් කටාරම ද සමඟින් අහසට පැන නැගී දින සතක්  කිසිවෙකුටත් නොපෙනෙන සේ හිම වළා ගැබෙන් වැසිපවතීවා!

4  ථූපාරාම දාගැබේ මාගේ දකුණු අකු ධාතුව පිහිටුවන අවස්ථාවේ දී අකු ධාතුව අහසට පැන නැගී යමා මහ පෙළහර කරත්වා!

5  ලංකාද්වීපයේ නිර්මාණයවන රුවන් මැලි මහා දාගැබේ තැන්පත් කරන ද්‍රෝණයක් පමණ වූ මාගේ ශාරීරික ධාතූන් වහන්සේලා පිහිටුවන අවස්තාවේදී අහසට පැනනැගී බුදුරුව මවාගෙන යමා මහ පෙළහර කරත්වා! යනු ඒ මහා අධිෂ්ඨාන පහයි.

ඒ මහා අධිෂ්ඨාන පහෙන් ජය ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධව තිබෙන පළවෙනි, දෙවැනි,තුන්වැනි කියන අධිෂ්ඨාන තුනටම අනුව ඒ අසිරිමත් ප්‍රාතිහාරයෙන් එදා බුද්ධ ගයාවේ වජිරාස්‍රනය අසල දී ධර්මාශෝක රජතුමා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ මහා ශාකාව වෙන් කිරීම පිණිස මොග්ගලී පුත්ත තිස්ස  මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පිරිවරාගෙන රන් කටාරමක් රැගෙන පැමිණි මොහොතේ දී ඒ අයුරින්ම සිදුවුණා.
ඔබ හැමදෙනාම ඒ උතුම් වජිරාස්‍රන පුණ්‍යභූමිය සිහිකරගෙන සියලු බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත්වන ලොවේ  අවිධහිත පුණ්‍යභූමියක් වන ඒ උතුම් වජ්රාස්‍රන පුණ්‍යභූමියට මම නමස් කාර කරමි!මාගේ නමස් කාරය වේවා!කියල හදවතින්ම වන්දනා කරන්න.


ඉසිපතන මිගදාය පුණ්‍ය භූමිය

බුදුරජුන් බුද්ධත්වයෙන් පස්වැනි සතියේදී නේරංජනා ගංගාවෙන් එතෙරවෙලා අජපාලනුගරුක මුල වැඩසිටියා. මේ ලෝක සත්වයන්ගේ සිත් පිරිසිඳ බලද්දී මේ ගාම්භීර ධර්මය ‍කෙලෙස් තුළ ජිවත්වන මිනිසුන් අවබෝධ කරගනිවිද දහමි දෙසිමට යාම තුළ ථතාගතයන් වහන් සේ වෙහෙසට පත්වේවිද කියල උන් වහන්සේගේ සිතේ යම් පසුබැමක් ඇතිවුනා. ඒ සිතුවිල්ල දුටු සහම්පති මහා බ්‍රහ්මයා ඒ සැනින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනි සිටිමින් ආරාධනා කළා.

 සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා! නිදුකාන් වහන්ස දහම් දෙසන සේක්වා! බුදුවරයෙක් ලෝකයට පහළ වෙලා ධර්මය දේශනා කරන්න උකටලී වුනොත් මේලෝකයම නැසියාවි. මේලෝකයම වැනසී යාවි. සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා! නිදුකාන් වහන්ස දහම් දෙසන සේක්වා! කියලා.

සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාව පිළිගත් බුදුරදුන් එදා ඇසළ පුන් පොහෝ දවසේ ඉසිපතන මිගදාය පුණ්‍යභූමියේදි සියලු බුදුරජාණන් වහන්සේලා අවබෝධ කළ උතුම් ධර්මය ප්‍රතමකොට පස්වග මහණුන් හට මේ අවිධහිත පින්බිමේ වැඩ සිටිමින් ධම්මචක්ක  පවත්වන සුත්‍ර දේශනාව ලෙසින් දේශනා කලා. මනුස්ස ලෝකයෙන් පස්දෙනෙක් එදා ඒ උතුම් දේශනාව ශ්‍රවණය කලත් භූමාටු දෙවියන්ගේ පටන් අකනිඨා බඹ ලොව දක්වාම දිව්‍ය ලෝක විසිදෙක දෙවි බඹන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතම ධර්ම දේශනය වන ධම්මචක්ක පවත්වන සුත්‍රදේශනය ශ්‍රවණය කලා.

මේ මහා භද්‍ර කල්පයේ පළමුවන කකුසඳ බුදුරජාණනන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා ප්‍රතම වතාවට දහම් ගඟ විවර කළේ ධම්මචක්ක  පවත්වන සුත්‍ර දේශනය ඇසුරෙන් ඒ පුණ්‍යභූමිය මත වැඩ සිටිමින්මයි.

මේ ලෝකයේ පහළවන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අත් නොහැර පරිහරණය කරණ උතුම් පුණ්‍යභූමියක් නිසා බුදුරජාණනන් වහන්සේලා ප්‍රතම ධර්ම දේශනය පවත්වන ඒ උතුම් පින්බිම අවිධහිත භූමියක් බවට පත්වෙනවා.

අපි සරණගිය ගෞතම බුදුරජාණන් වහන්සේ ඒදා පස්වග භික්ෂුන් වහන්සේලා හට ධම්මචක්ක දේශනය දේශනා කොට අවසන් විමත් සමගම දසදහසක් ලෝක ධාතුව පුරාම ආලෝක ධාරාවන් විහිදී ගියා. භූමාටු දෙවියන්ගේ පටන් අකනිඨා බඹ ලොව දක්වාම දෙවි බඹුන් ප්‍රීතිඝෝෂාවන් පැවැත්වුවා. ඒ උතුම් ධම්මචක්ක දේශනය අවසන් වනවාත් සමගම කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේ උතුම් සෝතාපන්න ඵලයට පත්වුනා. බුදුරජාණන් වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාදුන්නා. ඒ උතුම් පුණ්‍යභූමිය මතදී තෙරුවන ලෝකයට පහළවුනා. අද අපි ඉසිපතන මිගදාය නමින් හඳුන්වන ඒ උතුම් පුණ්‍යභූමිය සිහිකරමින් ඔබත් වන්දනා කරන්න. සියළු බුදු වරයන් වහන්සේලා ප්‍රතම ධර්ම දේශනය පවත්වන එ අවිධහිත පින්බිමට මම නමස් කාර කරමි!මාගේ නමස් කාරය වේවා!කියල 


සැවැත් නුවර ජේතවන පුණ්‍ය භූමිය
මේ මහා භද්‍ර කල්පයේ පහළ විවදාළ කකුසඳ,කෝණාගමන,කාශ්‍යප,ගෞතම, ආදී සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා වැඩම කාලක් වැඩවාසය කළ උතුම් ම පුණ්‍ය භූමිය තමයි සැවැත් නුවර ජේතවන පුණ්‍යභූමිය.

සෑමබුදුරජාණන් වහන්සේ නමක්ම සේවනය කරන පුණ්‍යභූමියක් ලෙසයි සැවැත් නුවර ජේතවන පින්බිම සැලකෙන්නේ. ඔබත් මමත් සරණ ගිය ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වස් කාල දහනවයක්ම සැවැත්නුවර නුවර ජේතවන පුණ්‍යභූමිය තුළ වැඩ සිටියා. අද අපි සැවැත්නුවර ජේතවන පුණ්‍යභූමියට ගිහින් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියට වන්දනා මාන කරනවා. අනාථ පිණ්ඩික සිටුතුමා සඳුන් ලීයෙන් වහළ හතකින් යුතු ඉතාමත් අලංකාර ගන්ධ කුටියක් එදා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කර පුජා කළා.

‍ගෞතම බුදුරජාණන් වහන්සේ ජේතවන පුණ්‍යභූමිය මත වැඩසිටිය ගන්ධකුටිය පිහිටි ස්ථානයේමයි කකුසඳ,කෝණාගමන,කාශ්‍යප, ආදී පෙර වැඩසිටි බුදුරජාණන් වහන් සේලාගේ ගන්ධ කුටි පිහිටා තිබුනේ. අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වැඩිම කාළයක් වැඩ සිටින්නේ අද අපි සැවැත්නුවර ජේතවනාරාම පින්බිම නමින් හඳුන්වන ස්ථාන යේමයි. අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේට වැඩසිටීම පිණිස ගන්ධ කුටිය ඉදිවෙන්නේත් අද අපි ඉතාමත් ශ්‍රද්ධාවෙන් වන්දනා මාන කරන සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ගන්ධ කුටිය පිහිටි ස්ථානයේමයි.

ජේතවනාරාමය පිහි‍ටි ඒ අවිධහිත පුණ්‍යභූමිය එදා අයිතිවෙළා තිබුණේ කොසොල් රජතුමාගේ පුතා වුණු ජේතකුමාරයාටයි. ජේතකුමාරයා සතු පින්බිම දුටු සැනින්ම මේ භුමිය නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුදුසුයි කියල වැටහුණා. කෙසේ හෝ මේ භුමිය මිලදීගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා ආරාමයක් කරවන අදහසින් ජේත කුමාරයා මුණ ගැසී කහවනු  දහ අට කෝටියක් ඉඩමේ අතුරා ඒ පින් බිම මිලදී ගෙන තවත් කහවනු  දහ අට කෝටියක් වියදම් කර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා සියලු පහසුකම් වලින් යුතු අංග සම්පුර්ණ ආරාමයක් ඉදිකළා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සඳුන් ලීයෙන් වහළ හතකින් යුතු ගන්ධ කුටියක් ඉදිකළා. ධර්මය දේශනා කිරීම පිණිස දම් සභා මණ්ඩපයක්, එ ඒ ස්වාමින් වහන් සේලා වෙනුවෙන් වෙන වෙනම කුටි,සෙනසුන්,සක්මන්මළු ආදී සියලු අංගයන් ගෙන් යුතුව ආරාමයේ ඉදිකිරීම් ඉක්මනින්ම අවසන් කළා. 

ජේතවනාරාමයේ ඉදි කිරීම් අවසන් කර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා පුජා කරන දිනයේ දී තවත් කහවනු  දහ අට කෝටියක් වියදම් කර මුළුසැවැත් නුවරම උත්සවත් ශ්‍රී යෙන් සරසා කොඩි සේසත් නංවා නගරයේ සැම තැනක්ම දුගී මගී යාචකයන් උදෙසා දන් පැන් දෙමින් මහත් උත්සවත් ශ්‍රී යෙන් යුතුව ඒ උතුම් අවිදහිත පුණ්‍යභූමිය පුජා කළා.

අනාථ පිණ්ඩික සිටුතුමා නමින් ප්‍රකට වුණ සුදත්ත සිටුතුමා පනස් හතර කෝටියන් සම්පුර්ණයෙන්ම සැවැත්නුවර ජේතවනාරාම පුණ්‍යභූමිය බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා පුජා කිරීම පිණිස වියදම් කළා. අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පවා ඒ පින්බිම මිලදීගෙන එවැනිම ආකාරයෙන් අංගසම්පුර්ණ ආරාමයක් ඉදිකරවා පුජාකිරිම පිණිස පෙරුම් පුරාගෙන මහා පින්වන්ත සිටුවරයෙක් උපදිනවා.

අපි සරණගිය ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා ‍කර වදාළ ධර්මස්කන්දය අතරින් වැඩිම කොටසක් දේශනා කර තිබෙන්නේ සැවැත් නුවර ජේතවන පුණ්‍යභූමිය තුළදිමයි. බුද්ධදේශනාවන් ශ්‍රවණය කරද්දී ඔබට නිරන් තරයෙන් ඇසෙන වචන පෙළක් තමයි" එකං සමයං භගවා සාවත්ථි යං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ" නමින් ආරම්භ වන වචන පෙළ ප්‍රතම ධර්ම සංගායනාව සිදුකරද්දී මහරහතන් වහන්සේලා විසින් අනාථ පිණ්ඩික සිටුතුමාට උපහාරයක් වශයෙන් සාවත්ථි යං විහරති ජේත වනේ යන වචනයට අමතරව අනාථ පිණ්ඩික සිටුතුමාගේ ද නම ඇතුලත් වන පරිදි අනාථ පිණ්ඩිකස්ස ආරාමේ යනුවෙන් සඳහන් වන පරිදි ධර්මය සංගායනා කළා.

මේ කරුණු සිහිකරගෙන සියලු   බුදුරජාණන් වහන්සේලා පරිහරණය කරන බුදුවරයන් වහන් සේලාට සාධාරණ පුණ්‍යභුමියක් වන සැවැත්නුවර ජේතවනාරාම පුණ්‍යභූමිය නමින් අද අපි හඳුන්වන ඒ උතුම් අවිධහිත පුණ්‍යභූමිය වන්දනා කරන්න. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම වැඩසිටිය එ උතුම් පින්බිමට මම නමස් කාර කරමි!මාගේ නමස් කාරය වේවා!කියල.


සංකස්ස පුණ්‍ය භුමිය
 
ඊළඟ අවිධ හිත පුණ්‍ය භුමිය තමයි සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම තව්තිසා දිව්‍ය ලෝකයට වැ‍ඩම කොට මව් දෙවියන් ප්‍රධාන දෙව් බඹුන් හට අභිධර්මය දේශනා පවත්වා දිව්‍ය ලෝකයේදීම වස් පවාරණය කර ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය සිදුකරමින් දෙව් බඹුන් පිරිවරා ගෙන රන් හිනිමගකින් බැස දක්ෂිණ ශ්‍රී පාදය තබන පින්බිම අද  අපි සංකස්ස පුණ්‍ය නමින් හඳුන්වන්නේ ඒ අවිධ හිත පුණ්‍ය භුමියි.

සෑම බෝසතානණ් වහන් සේ නමක්ම   මවු කුසින් ලෝකයට බිහිවෙලා හරියටම දින හතකින් ඒ බෝසත් මව කලුරිය කරල තවුතිසා දිව්‍යලෝකයේ උපදින බව දීඝ නිකායේ මහා අපදාන සූත්‍රය තුළ සඳහන් වෙලා තියෙන්වා. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම දිව්‍ය ලෝකයට වැඩම කර  තවුතිසා දිව්‍ය ලෝකයට වැඩම කරල  මවු දෙවියන් ප්‍රධාන දෙව් බඹුන්ට අභිධර්ම දේශනාව පවත්වනවා.

අපිසරණ ගිය බුදුරජාණන් වහන්සේ ඇසළ පුන් පොහෝ දවසක ගන්ධබ්භ රුක්ඛ මුලය අසලදී අන්‍ය තීර්තකයන් දමනය කිරිම පිණිස අහසට පැන නැගී යමක ප්‍රාතිහාරය සිදුකළා. එ පෙළ හර පාලා අවසන් වනවත්සමගම  බුදුරජාණන් වහන්සේ අහසින් ම තවුතිසා දිව්‍ය ලෝකයට වැඩම කරල සක්‍ර දෙවියන් ගේ පණ්ඩුකම්බල ශෛලාසනය මත වැඩසිටිමින් මතෘ දිව්‍ය රාජයාට ප්‍රධාන දෙවි බඹුන් හට අභිධර්ම ධර්මය දේශනා කලා.

අභිධර්මය දේශනය අවසන් කර මතෘ දිව්‍ය රාජයා ප්‍රධාන බෝහෝ දෙව් බඹුන් හට ධර්මාව බෝධය කරවා දිව්‍ය ලෝකයේදීම වස් පවාරණය කර  සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දෙව්බඹුන් පිරි වරාගෙන වැඩම කර දක්ෂිණ ශ්‍රී පාදය මේ මහා පොළව මත තබන ඒ අවිධ හිත පුණ්‍ය භුමිය වෙතට වැඩම කලේ අසිරිමත් ප්‍රාතිහාරයක් සිදුකරමින්.

එදා ගන්ධබ්භ රුක්ඛ මුලය අසල මහා කාරුණික බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දුටු බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ කොහේ වැඩම කළාදැයි නිතර නිතර විමසමින් ජේතවනාරාමයට පැමිණුනා. බුදුරජාණන් වහන්සේ තවුතිසා දව්‍ය ලෝකයට වැඩම කර අභිධර්මය දේශනා කරන බවත්, හරියටම තවත් දින හතකින් සංකස්ස පුණ්‍ය භුමියට දෙව් බඹුන් පිරිවරා ගෙන වැඩම කරන බවත් මුගලන් මහරහතන් වහන්සේ විසින් ඊට දින හතකට කලින් මිනිසුන්ව දැනුවත් කළා.

ලැව්ගින්නක් සේ මේ ආරංචිය දඹදිව් තලය පුරාම පැතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ දෙව් බඹුන් පිරිවරා ගෙන තවුතිසා දව්‍ය ලෝකයයේ සිට රන් හිනි මඟක් මවා ගෙන සංකස්ස භුමියට වැඩම කරනවායැයි කණ වැටුණු මිනිසුන් දින කිහිපයකට පෙර සිටන්ම ඒ භුමියට එක් රොක්වී අහස දෙස බලාගෙන සිටියා. බුදුරජාණන් වහන්සේ දෙව් ලොවින් සංකස්ස පුරයට වැඩමකරන දිනය  වනවිට ලක්ෂගනනක් මිනිසුන් සංකස්ස භුමියෙහි අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී සටියා.

එදා වප් පුන් පොහෝ දවසේ දිව්‍ය ලෝකයේදිම වස් පවාරණය කර සංකස්ස පුණ්‍ය භුමිය වෙත අහසින් වැඩම කළේ බුදුරජාණන් වහන්සේ ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය සිදුකරමින්. දිව්‍ය ලෝකයේ දෙවියනුත්, බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයනුත් බුදුරජාණන් වහන්සේ පෙරටු කොට අහසේ සිට රන් හිනිමඟක් මවාගෙන වඩින ආකාරය එදා සංකස්ස පුණ්‍ය භුමියට රැස්වෙලා හිටිය සාමාන්‍ය මිනිසුන් ගේ පියවි ඇසින් දැකගන්න හැකියාව ලැබුණා. මනුස්ස ලෝකයත්, බ්‍රහ්ම ලෝකයත්, එකවර විවර වී දර්ශනය වීම ලෝක විවරණ මහා ප්‍රාතිහාර්යයි.


සත්රුවනින් යුතුව ඉර්ධියෙන් මවන ලද හිනිමඟකින් බුදුරජාණන් වහන්සේ වඩිනවිට සහම්පති මහා බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේට චත්‍රය දරමින්ද සුයාම නම්දිව්‍යරාජයා බුදුරජාණන් වහන්සේට පවන් සලමින්ද පංචසික දිව්‍ය පුත්‍රයා දිව්‍ය වු වීනා වාදනයකරමින්ද සක්‍ර දෙවියන් ප්‍රධාන දෙව් බඹුන් පිරිවරාගෙන දෙව්ලොවින් මනුලොවට බුදුරජාණන් වහන්සේ වඩිනු දුටු ලක්ෂ සංඛාත ජනයා අපරිමිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් සාදුකාර දෙමින් අහස දෙස බලාසිටියා. එසේ රන් හිනිමඟින් වැඩමකර මහපොළොව මත බුදුරජාණන් වහන්සේ ගේ දකුණූ සිරිපතුල තබන ලද්දේ මේලෝකයේ පහළ වන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දෙව්ලොවින් මනුලොවට පැමින දකුණූ සිරිපතුල තබන පුණ්‍ය භුමිය මතයි.
එ උතුම් පුණ්‍ය භුමිය සෑම බුදුරජාණන් වහන්සේ නමකටම සාධාරණ වූ  සියලු බුදුවරයන් වහන්සේලා විසින් දෙව්ලොවින් මනුලොවට වැඩම කර දක්ෂිණ ශ්‍රී පාදය තබන පුණ්‍ය භුමියයි. එනිසා එ උතුම් පුණ්‍ය භුමිය අවිධහිත පුණ්‍යභූමියක් ලෙස ධර්මයේ සඳහන් වෙනවා. 

එදා සංකස්ස පුණ්‍ය භුමිය මත සිදුවු තවත් විශේෂිත සිදුවිම් කිහිපයක් තිබෙනවා. එදා බුදුරජාණන් වහන්සේ ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය පාමින් සංකස්ස පුරයට වැඩමකරන ඒ අසිරිමත් සිදුවිම දුටු සිරිවඩ්ඩන නම් ගෘහපතියා සිටු සැපසම්පත් අතහැර බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි බවට පත්වුනා. ඒ වෙන කිසිවකුත් නොව අනාගතයෙහි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන බෝසතාණෝයි. ‍ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් එදා උන්වහන්සේ නියත විවරණ ලබන ලදි.
එපමනක් නොව එදා සංකස්ස පුණ්‍ය භුමියේදී බුදුරජාණන් වහන්සේ ‍විසින් අභිධර්මය ඇසුරින් කරනලද ධර්මදේශනය අසා ලක්ෂ සංඛාත පිරිසක් ධර්මාවබෝධය ලබාගත්තා. ඒ පිරිස අතරසිටිමින් සාරිපුත්‍ර මහරහතන්වහන්සේ ගෙන් ධර්මගැටලු විමසු බුදුරජාණන් වහන්සේ මාගේ ශ්‍රාවක භික්ෂුන් අතර සාරිපුත්‍ත යන් ප්‍රඥාවන්තයන් අතර අග්‍රයි යනුවෙන් අග තනතුරු ලබාදුන්හ.

මෙවැනි උතුම් සිදුවීම් රුසක් සිදුවුන ඒ අවිධ හිත පුණ්‍ය භුමිය සිහිකරමින් ඔබත් වන්දනා කරන්න ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය සිදුකරමින් සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දෙව්ලොවින් මනු ලොවට වැඩම කර දක්ෂිණ ශ්‍රී පාදය තබන ඒ උතුම් පුණ්‍ය භුමියයි. ඒ උතුම් පින්බිමට මම නමස් කාර කරමි!මාගේ නමස් කාරය වේවා!කියල.

පූජ්‍ය ගලිගමුවේ ඤානාදීප හිමියන්ගේ ධර්ම දේශනයක් ඇසුරිනි


1 comment: