කපිලවස්තු සර්වඥ ධාතුන් වහන් සේලා (Kapilavastu The Lord Buddha Relics)

ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශණය සඳහා වැඩම වූ සර්වඥ ධාතූන් වහන්සේලා
 ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා
නවදිල්ලි කෟතුකාගාරයේ වැඩසිටින සර්වඥ ධාතූන් වහන්සේලා



ම්බුදු රාජාණන් වහන්සේ පුරා වර්ෂ 45 ක් ලෝ සතුන් හිත සුව පිණිස සදා සැනසිල්ලකට පත්විය හැකි උතුම් ශ්‍රී සද්ධර්මයක් දේශනා කොට 80 වැනි වියේ දී දෙව් මිනිසුන්ගේ මහත් ගෞරව සත්කාර මධ්‍යයෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් වනයෙහි සල් ගස් දෙකක් අතර උතුරු දිසාවට හිසලා සිංහ සෙයියාවෙන් සැතපී වදාරා පිරිවන් පා වදාල සේක.


මෙම මහා පරිනිර්වාණය සිදු වීමෙන් අනතුරුව එකල දඹදිව් තලය පුරා විසිරී සිටි පාලකයන් විසින් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දහනය කොට ශේෂ වූ ධාතු බෙදා ගැනීම සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගන්නා ලදී. මෙසේ සර්වඥධාතු පිණිස ගැටුම් ඇතිකර ගැනීමට සූදානම් වූහ.

මොවුන් සියලූ දෙනාම ධාතු තමන්ට අයිති කර ගැනීමට සුදුසු කමක් ලෙස ඉදිරිපත් කර සිටියේ ‘‘භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්‍ෂත‍්‍රිවම්හ. එබැවින් ධාතුවල හිමිකාරිත්වය අපට හිමි විය යුතුය’’ යන්නය. මේ අවස්ථාවේදී කුසිනාරාවේ මල්ල රජවරුන් කියා සිටියේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ තමන්ගේ ග‍්‍රාමයේ බැවින් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය දහනය කර ශේෂ වූ ධාතුන් වහන්සේලා අන් අයට දීමට නොහැකි බවත් ඒවා තමන්ට අයිති බවත්ය.

‘‘ භාගයවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ අපගේ පාලන ප‍්‍රදේශය තුළය. එබැවින් උන්වහන්සේගේ ශරීරයේ අස්ථි කොටස් අපි අන් අයට නොදෙමු’’.

(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)
මෙම අර්බුදකාරී පිරිස් අතර තවත් සුවිශේෂී පිරිසක් සිටියහ. ඔවුන් නම් කපිලවස්තු ජනපදයෙහි ශාක්‍යයෝය. ඔවුහු තමන් ක්‍ෂත‍්‍රියෝ පමණක් නොව බුදුන්ට ලේ ඥාතිකමක් ද ඇති පිරිසක් බව තරයේ ප‍්‍රකාශ කර සිටියහ.

‘‘භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෙකි. අපි ද උන් වහන්සේගේ ශාරීරික ධාතුවලින් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතුන් උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සව ද කරන්නෙමු.’’

(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)
මෙම ව්‍යසනකාරී මොහොතේ වහා ඉදිරිපත් වූ ද්‍රෝණ නමැති බමුණා ඉතා වැදගත් ප‍්‍රකාශයක් කර ඇත. එය නම් -
‘‘පින්වත් රජවරුන් මාගේ මේ වචනය අසන්න. අපගේ බුදු රජාණෝ ක්‍ෂාන්තිවාදියෙක් වූහ. (සාමය අගය කල පුද්ගලයෙක් වූහ) ඒ උතුම් බුදුරදුන්ගේ ශරීර කොටස් වෙනුවෙන් අවි අමෝරා ගෙන යුද වදින්නේ නම් එය සුදුසු නොවන්නේමය.’’යන්නය.

මේ ආදී වශයෙන් අවවාද කොට එම රජ දරුවන්ට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව ධාතු ඉල්ලූ අට පිරිසට සමසේ ඒවා බෙදා දීමෙන් හා බෙදා ගැනීමෙන් සම්මුතියකට එළඹීමට හැකි විය. ඒ අනුව ධාතු අට කොටසකට බෙදා දී එම ධාතු පුරවා තිබූ නැලිය ද්‍රෝණ බමුණා විසින් ලබා ගෙන ථූපයක් කරවා පුද සත්කාර ද කරන ලද බව සඳහන් වේ. උක්ත රජදරුවෝ ද තම තමන්ට ලැබුණු ධාතු කොටස් ඒ ඒ පාලන ප‍්‍රදේශවල චෛත්‍ය කරවා තැන්පත් කර පූජා සත්කාර කළ බව ථේරවාදී බෞද්ධ ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ අතරින් කිඹුල්වත්පුර - කපිලවස්තුවේ ශාක්‍යයෝ ද තමන්ට හිමි වූ ධාතු කොටස තැන්පත් කොට මහා ථූපයක් කරවා පූජා සත්කාර කළහ.


‘‘කපිලවස්තුවේ (වර්තමාන කිඹුල්වත්පුර නමින් හැඳින්වෙන නේපාලයේ) ශාක්‍යයෝ ද භාග්‍යවතුන්ගේ ශරීර කෙටස් තැන්පත් කොට චෛත්‍යයක් කරවා මහා පූජා සත්කාර ද කළහ’’

(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීඝ නිකාය)
ඉන්දීය පුරාවිද්‍යා කැණීම් මගින් අනාවරණය කර ගැනුණු පුරාවස්තු අතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශරීරයට අයත් අස්ථි කොටස් ඉතා විද්‍යාත්මකව සොයා ගැනීම අතිශය ප‍්‍රසාදය දනවන සිත්ගන්නා සුළු කාරණයකි.
ඇ‍ලෙක්සැන්ඩර් කනිංහැම් මහතා

මෙම පූජනීය ධාතු සොයා ගැනීමේ ගෞරවය හිමි වනුයේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සැලකෙන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතාටය. ඒ අදින් වසර 113 කට පමණ පෙර මොහුගේ මූලිකත්වයෙන් සිදු කළ පුරාවිද්‍යා කැණීම් මගින් මෙම ධාතු හමු වූ නිසාය. ඒවා හමු වූයේ වර්තමාන බිහාරයේ (උත්තර් ප‍්‍රදේශය) පිප‍්‍රාවා නමැති ස්ථානය කැණීම් කිරීමෙනි. පැරණි ඉන්දීය ඉතිහාසයේ දී ‘‘කපිලවස්තු’’ යන්න වර්තමානයේ නාමය හඳුන්වනු ලබනුයේ ‘‘පිප‍්‍රාවා’’යන  නාමයෙනි.

ධාතුන් වහන් සේලා හමුවු අවස්ථාව














ධාතුන් වහන් සේලා හමුවු කරඬු

බ්‍රාහාමීය අක්ෂරයෙන් කරඬුවේ සටහන් කර ඇති ආකාරය

බ්‍රාහාමී අක්ෂරයෙන් ඇති පාඨය
සුකිතිභතානං සභගි. නිකානං සපුනදලනං. ඉයං සලිල නිධනෙබුධය භගවතෙ සකියානං
“මේ ශරීර අස්ථි නිධානය ශාක්‍ය පුත්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ” බවයි.



ධාතුන් වහන් සේලා සොයා සැයේ වර්ථමාන ස්වරුපය.

 
මෙහිදී හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා ගණන විසි දෙකකි. 1978 දී මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසු ශ්‍රී ලාංකික ජනතාවට වැඳ පුදා ගැනීමේ භාග්‍යය උදාවූ අතර 1990 දී පටන් එම පූජනීය ධාතූන් වහන්සේලා කරඬුවත් තැන්පත් කර විශේෂිත වීදුරු මංජුසාවක් තැන්පත් කර නවදිල්ලි ජාතික        
කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.


එදා සිට අද දක්වා නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ විශේෂිත ආරක්ෂාව මධ්‍යයේ වෙඩි නොවදින වීදුරු කුටියක තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා කෞතුකාගාරය නැරඹීමට යන ඕනෑම අයකුට තම පියවි ඇසින් නැරඹිය හැකිය. රත්‍රං ග්‍රෑම් 109 ක් උපයෝගී කරගෙන වටිනා දියමන්ති උපයෝගී කරගෙන අලංකාර ලෙස නිර්මාණය කරන ලද විශේෂිත කුටියක තැන්පත් කර ඇති මෙම සර්වඥ ධාතූ®න් වහන්සේලා සියැසින් දැක වන්දනාමාන කර බුද්ධාලම්භන ප්‍රීතියට පත්වීමට දඹදිව වන්දනාවේ යෙදෙන බැතිමතුන්ටද අවකාශ උදා වී ඇත. තායිලන්ත රජයේ පූර්ණ දායකත්වය මත රනින් නිම කළ මෙම විශේෂිත කුටිය 1997 දී ඉන්දීය රජයට තායිලන්ත රජය විසින් පරිත්‍යාග කොට ඇත.



ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති අයුරු


සර්වඥ ධාතුන් වහන් සේලා සොයා ගත් ඉපැරණි කරඬු යුගලය

අවුරුදු 33 පසු නැවතත් කපිලවස්තු පුර ධාතුන් වහන් සේලා ලක්වැසි ජනතාවට වන්දනා කීරිමට අවස්තාව හිමිවි තිබේ. ඒ වත්මන් ජනාධි පති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ඉල්ලීමක් පරිදි ඉන්දියාවේ සිට නැවතත් ධාතුන් වහන් සේලා මෙරටට වැ‍ඩම කීරිමෙනි.

සර්වඥ ධාතුන් වහන් සේලා ප්‍රදර්ෂනය සඳහා ඉන්දියාවෙන් ලබාදුන් සාංවි ස්තුපයේ අනුරුව


සර්වඥ ධාතූන් වහන්සේලා


ලක්දිවට වැඩමකරනදල සර්වඥ ධාතූන් වහන්සේලා කරඬුවතුල තැන්පත් කරඇති දර්ශනයක්
කරඬුව තුල වැඩසිටින ධාතූන් වහන්සේලා

ගෝස්තු 19, 20, 21 -කැලණිය මානෙල්වත්ත විහාරය

අගෝස්තු 22, 23 - පැල්මඩුල්ල රජමහ විහාරය

අගෝස්තු 24, 25, 26 - අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරය

අගෝස්තු 27, 28 - කන්තලේ අග්‍රබෝධි විහාරය

අගෝස්තු 29, 30 - ගම්පොළ නාරංවිට සම්බුද්ධ ජයන්ති විහාරය

අගෝස්තු 31, සැප්තැම්බර් 01- වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන

සැප්තැම්බර් 02, 03, 04 සහ 05 වැනිදා දහවල් 1200 වනතුරු - මාතර කොටිකාගොඩ රජමහ විහාරය


 තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.









විශ්ව ශාන්තී බුද්ධප්‍රතිමා වහන්සේ The Universal Peace Buddha

ශ්‍රී ලංකාවට වැඩම කරවූ විශ්ව ශාන්ති බුද්ධ ප‍්‍රතිමා වහන්සේ මහජනතාව වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ සකස් කළ විශේෂ මණ්ඩපයක් තුළ දී එය ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ. ලබන 19 වැනි දින දක්වා බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ප‍්‍රදර්ශනය කෙරේ. අදාළ දිනයන්හි පැමිණ එය වන්දනාමාන කර ගන්නා ලෙස ශ‍්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය ජනතාවගෙන් ඉල්ලා සිටි. 

 

ශ්‍රී දළදා වන්සේ වන්දනා ගාථා


ලොකෙකනාථ වදනම්බුජ රාජහංසං 
වෙනෙය්‍ය කොමුද වනං කුමුදාකරන්තං 
අද්ධින්දුකාර වරරූප විරාජ මානං 
වන්දාම් සාධු මමලං ජිනදන්තධාතුං


එකා දාඨා තිදසපුරේ එකා නාගපුරෙ අහු
එකා ගන්ධාර විසයෙ එකාසි පුන සීහලෙ
චතස්සොතා මහාදාඨා නිබ්බාණ රසදීපිකා
පූජිතා නරදෙවෙහි තාපි වන්දාමි ධාතුයො

ඇසළ පුරපසලොස් වක් පොහෝ දිනය

අප මහා බෝ සතාණන් වහන් සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ්‍ය ගනණක් පෙරුම්පුරා සය අවුරුදු දුෂ්කර ක්‍රියාකොට. වෙසක් පුරපසලොස්  වක් පොහෝ දින දසබිම්බරක් මාර සෙනඟ පරාජය කර. සම්මා සම්බුද්ධත් වයට පත්විය. ඉන් පසු උන්වහන්සේ සත්සතිය බෝමැඩ ගතකිරිමෙන් පසු. උන්වහන් සේ තමා විසින් අවබෝධ කරගත් ගැඹුරු දහම  පළමුව දේශනා කලයුත් තේ කාහටදැයි විමසාබැලූහ. 

ආලාර කාලාම උද්ධකරාම පුත්ථ යන තම ගුරුවරයන් ඒවනවිට කළුරිය කර බැව් දුටු බුදුරජාණන් වහන් සේ  තමා හට උදව් කල පස්වග මහණුන් හට ධර්මය ප්‍රථමයෙන් දේශනාකලයුතු යැයි උන්වහන්සේ තීරණය කලහ. එතැන් සිට බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් සොයා ඉසිපතන මිගදායට වැඩම කලසේක. එහිදී කොන්ඩඤ්ඤ. වප්ප. භද්දිය. අස්සජි. මහානාම. යන පස්වග මහණුන් උන්වහන් සේට හමුවිය.

එහිදී ඇසළ පුර පසලොස්වක් පොහෝ දින බුදුරජාණන් වහන් සේ මංගල ධර්මදේශනය වු ධර්මච්චක්ක පවත්තන සූත්‍රය පස්වග මහණුන් හට ‍දේශනා කලසේක. 

ඇසළ පෝදා සිදුවු වෙනත් ශාසන සිදුවීම්නම් 

මහාමයා දේවිය කුසපිළිසිඳ ගැනීම
රාහුල කුමාරයා ගේ ඉපදීම
සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මයාමයි

මණි මණ්ඩල අනුරුව සහ සර්වඥ ධාතුන් වහන්සේලා




කොළඹ සහ අවට වෙසෙන සැදැහැතියන් හට මණි මණ්ඩල අනුරුව සහ සර්වඥ ධාතුන් වහන්සේලා සමඟ සීවලී සහ මහා රහත් ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරගැනීම සඳහා ලැබෙන අවසන් අවස්ථාව ජුලි මස 3 සහ 4 දෙදින තුල සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන භූමියේදී පෙ.ව. 8 සිට ප.ව.9 දක්වා - සංවිධානය ශ්‍රී සදහම් පදනම - අනුශාසකත්වය පුජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ
 

The Last Chance to witness and worship the "Mani Mandalaya" and the Dhathun Vahansela - Sarvagna, Seevali and Rahath in Colombo - 3rd and 4th July at the ACBC - All Ceylon Buddhist Congress - Bauddhaloka Mawatha - Sadaham Yaathra organised by Sri Sadaham Padanama under the Guidence of Rev Galigamuve Gnanadeepa Thero

කොසොල් මහරජු ගේ සිහින දහසය

















ධම්ම පදය බුද්ධ වග්ගය Dhamma padaya


තෙ තාදිසේ පූජයතො
නිබ්බුතෙ අකු‍තොභයං 
න සකකා පුඤඤං සඞකාතුං
ඉමෙතතමිති කෙනචී

නිවුනා වු කිසිත් බියෙක් නැති බුදු සව්වන් පුදන ඔහුගේ පින මෙතෙකැයි ගණන් ගැනීමට කිසිවෙකුත් නොපුළුවන.

ධම්ම පදය පුෂ්ප වග්ගය Dhamma padaya


යථා පි බමරො පුපඵං
වණ‍්ණ ගන්ධං අහෙට්ටයං
පලෙති රසමා දායා
ඒවං ගාමෙ මුනී චරේ

බඹරා මලේ පැහැය හා සුවඳ නොපෙළා පැණි ගෙන යන්නාක් මෙන් මහණහු ගම හැසිරෙති.

ධම්ම පදය Dhamma padaya


අචිරං වතයං කායො
පඨවිං අධිසෙස්සති 
ජුද්ධො අපෙත විඤ්ඤා‍ණො
නිරත්ථං ව කලිංගරං 

අස්තිරවූ මේ ශරිරය සිත පහව ගිය කළ මහ පොළාවමත වැටෙයි එවිට මේ සිරුර කිසිදු වැඩකට නැති දර කැබැල්ලක් වැනිය.

Before long will this body ile on earth thrown away devoid of consciouness and useless as a piece of stick.

vesak


ධම්ම පදය බුද්ධ වග්ගය



අපි දිබ්බේසු කාමේසු
රතිං සො නාධිගච්චති
තණ්හක්ඛයෝ රතෝ හොති
සම්මා සම්බුද්ධස්ස සාවකෝ


මිනිසාට කහවනු වැස්සකිනුත් වස්තු කාම. කේලේශකාමයන්හි තෘප්තියක් ඇතිනොවේ. මේනිසා කාමයෝ සිහිනයෙන් පානය කළ පැනක් මෙන් මඳ ආස්වාදයක් (සැප) ඇතියෝය. බෝහෝ දුක් ඇතියෝ යයි පණ්ඩිතයා නුවණින් දැනගත යුතුය.