දඹදිව විහාරස්ථාන වන්දන ගථාවන් Dambadiva Vihara vandana Gathawan




ලුම්බිණි විහාරස්ථානය

ලුම්බිණි විහාරය
අශෝක ස්ථම්භය
ලුම්බිණි විහාරභූමියේ ඉපැරණි නටඹුන්
සිදුහත් කුමරුගේ පාසටහනක් යැයි සැලකේ

ලුම්බිණි විහාරය

මායාසුතෝ සුගත සාකිය සීහනාථෝ
ජාතක්ඛණේ සපදසා මහි චංකමිත්වා
යස්මිං උදීරයි ගිරිං වර ලූම්බිණිම්හි
තං ජාත චේතියමහං සිරසා නමාමි

මායා බිසව්ගේ කුසින් – වැඩි බෝසතාණෝ

ඒ මොහොතෙ දී පියවරින් – සක්මන් කළෝ මෙහි
විහිදූ මිහිරි සිහනදින් – ලූම්බිණී උයන්හී
ඒ ජාත චේතිය උතුම් – සිරසින් වඳිම් මම්

බුද්ධගයා විහාරස්ථානය

මාහාබෝධි විහාරය

ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ
බුද්ධගායා විහාරය
මහා බෝධි විහාරයේ භුමිස්පර්ශ බුදුපිළිම වහන්සේ

බුද්ධගයා විහාරය

යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
ජෙත්වා ස්වාසන කිලේස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණමවගම්ම විහාසි සම්මා
තං බෝධිචේතිය මහා සිරසා නමාමි

වාඩි වී වජිරාසනේ මත– වීරියෙන් දිනු බුදු රජාණෙනි
නේක දොස් ඇති සියළු කෙලෙසුන්– නසා ජය ගත් මුනි රජාණෙනි
ඤාණබලයෙන් යුතුව සම්බුදු– බවට පත් වූ සිහරජාණෙනි
බෝධිචේතිය වඳිමි සිරසින්– සිතා සම්බුදු ගුණ සුවාමිනි

බරණැස ඉසිපතන මිගදාය විහාරස්ථානය

බරණැස ඉසිපතන ආරාමය

ඉසිපතන ආරාමයේ නටඹුන්

ධම්මික ස්ථූපය

සම්කම්පයං දස සහස්සිය ලෝකධාතුං
දේසේසි යත‍්‍ර භගවා වර ධම්මචක්කං
බාරණසී පුර සමීප වනේ මිගානං
තං ධම්ම චේතිය මහං සිරසා නමාමි

කම්පා කරවමින් සහස්සී – දසලෝකධාතූ
දෙසු සේක අප සම්බුදුන් – ධම්සක් දෙසුම් ඒ
බරණැස් පුරේ අසල වූ – මිගදාය වනයේ
ඒ ධම්ම චේතිය උතුම් – සිරසින් වදිම් මම්

මහා පරිනිර්වාන විහාරස්ථානය

මහා පරිනිර්වාන විහාරය
බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහනයකල ස්ථානය ( ආදාහන චෛත්‍යය)
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩසිටින විට සිරිපතුල් ඉදිමී ඇති අවස්ථෘව
මහා පරිනිර්වාන පිළිම වහන්සේ
මහා පරිනිර්වාන පිළිම වහන්සේ
කත්වාන ලෝකහිතමත්ථ හිතං ච නාථෝ
ආසිතිකෝව උපවත්තන කානනම්හි
යස්මිං නිසජ්ජ භගවා නිරුපාධිසේසං
නිබ්බාණ චේතියමහං සිරසා නමාමි

ලෝ සත කෙරෙහි හිත සුවේ – යෙදුවෝ තිලෝනා
වැඩි සේක සාල උයනට – අසූ වෙනි වියෙහි දී
යම් තැනක සැතපී සිට – පිරිනිවන් පා වදාළෝ
නිබ්බාන චේතිය උතුම් – සිරසින් වදිම් මම්

No comments:

Post a Comment