ඉල් පොහොය දිනය



බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට මෙම ඉල් පොහොය දිනය සම්බන්ධවීම නිසා එය බෞද්ධ ඉතිහාසයෙහි බලවත් තැනෙක්හි ලා සැලකිය හැකි ය. එම සිදුවීම් මෙසේය.

1. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම
2. ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය
4. අගසව් සැරියුත් තෙරණුවෝ  පිරිනිවන් පෑම
5. කඨින චීවරය පූජා කළ හැකි  අවසන් දිනය වීම ආදියයි.


මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ සැවැත්නුවරට නුදුරු සංකස්ස නුවර මහාසාල කුලයක සිරිවඩ්ඩන නම් වූ මහ සිටුවරයාගේ පුත්ව ඉපිද සිටියහ. සියලු ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළ ඔහු තම මවුපිය අභාවයෙන් පසු විශාල ධනස්කන්ධයකට හිමිකම් පෑ අතර, සැප සම්පත් හා පිරිවර ජනයා සමග කල් ගෙවීය. ගෞතම බුදුපියාණන්වහන්සේ තම මෑණියන් වූ මාතෘ දිව්‍යපුත්‍රයා ඇතුළු දෙවිවරුන්ට අභිධර්මය දේශනා කොට තව්තිසා දෙව්ලොව සිට ආපසු වැඩම කළේ සංකස්ස නම් නුවරයට. 

බුදුන් වහන්සේගේ දේවාවරෝහණ පූජාව සම්බන්ධයෙන් සැරියුත් මහ රහතන්වහන්සේ සමග පැවැති ප්‍රශ්න විසඳුම් සාකච්ඡාවට සවන් දුන් මෛත්‍රී බෝසතුන් දහසක් පමණ වූ තම පිරිවර සමග බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ආර්ය මෛත්‍රී නමින් මහණ විය. 

ඉන්පසු එළඹි වස් කාලයක තම දායකයින් විසින් පූජා කළ උසස් තත්ත්වයෙන් යුත් වස්ත්‍ර යුගලක් ලද බෝධිසත්ව තෙරුන්වහන්සේ ඉන් එක් සිවුරක් බුදුන්වහන්සේ වැඩ සිටින ගඳකිළියෙහි වියනක් කොට පූජාකළ අතර, අනිත් සිවුර තීරු වශයෙන් ඉරා මහ වියන් වටකොට එයද බුදුරජාණන් වන්සේට පූජා කළ සේක. මෙම පූජාවෙන් අනතුරුව මහ සංඝයා වහන්සේ මැද සිට බුදුරජාණන්වහන්සේ මහ තෙරුන් අමතා ‘ස්ථවිරයෙනි, නුඹ මේ මහභද්‍ර කල්පයෙහි මෛත්‍රී නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි’ යැයි විවරණ දී වදාළ සේක.

ඊළඟට වැදගත් කරුණ වන්නේ දැවැන්ත සමාජ මෙහෙවරක් සේ සැලකිය හැකි ප්‍රථම ධර්මදූත සැට නම ධර්ම ප්‍රචාරයේ යෙදවීම ය. මෙම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඇතුළු පස්වග ශ්‍රාවකයන් වහන්සේය. 

 මුල, මැද, අවසන අර්ථ සහිත වූ ද, ව්‍යඤ්ජන සහිත වූ ද ධර්මය දේශනා කරව්. ධර්මය අසන්නට නොලැබුණහොත් උසස් ගුණයෙන් ඔවුහු පිරිහෙත්. ධර්මය අසා අවබෝධ කරන්නෝ ඇතිවෙත්. එබැවින් ධර්මය දෙසීමට පිටත්ව යවු. මම ද උරුවෙල් දනව්වේ සේනානි ගමට ධර්ම දේශනා පිණිස යන්නෙමි’ යනුවෙනි. ‘දෙනමක් එක මග නොයන්නැ යි වදාලේ බුදු දහම ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාවෙනි. 


ඒ මගින් වැඩි දෙනෙකුට සැලසෙන සෙත උන් වහන්සේ අගය කළ බව පැහැදිලි වේ. ඉක්බිති හුදකලා වූ තමන් වහන්සේ ද ධර්මදූත සේවය ආරම්භ කළේ ඉල් පුර පසළොස්වක පොහෝ දාය. 

උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාම තුනක විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් අනුගාමිකයන්ට බුදුදහමේ සත්‍යය වටහා දීමෙන් අනතුරුව බුදුදහම වැළඳගෙන සසුන් ගත වූයේ ද ඉල් පෝ දිනදී ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියලු දෙනා රහත් වූහ.

බුදුන් වහන්සේගේ දකුණත් අගසව් වන හා දහම් සෙන්පති ලෙස ප්‍රචලිත සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන් පිරිනිවන් පෑමට අදහස් කොට තෙරුවන් සරණ යෑමෙන් වැළකී සිටි තම දයාබර මෑණියන් සසරින් එතෙර කරවීම සඳහා බුදුදහමේ හරය දේශනා කළ අතර, බුදු හිමිගේ අනන්ත වූ ගුණ සමුදාය ද සිහිපත් කර දීමෙන් පසු ඇය සෝවාන් ඵලයට පත්වූවා ය. තම මෑණියන් සසරින් එතෙර කිරීමෙන් ඉමහත් සතුටට පත් සැරියුත් මහ තෙරණුවෝ තම පරිනිර්වාණය සඳහා තම මවුබිම වන මගධ රටේ නාලක ගමට වැඩියේද ඉල් පොහොය දිනයේදී ය. වස්සාන සෘතුවේ අවසන් දිනය ඉල් පොහෝ දිනයයි. ඉල් මාසය ‘කඨින චීවර මාසය’ ලෙසද බොහෝ දෙනා හඳුන්වති. 

කඨින පින්කම් මෙම ඉල් පෝ දිනෙන් අවසන් කළ යුතුව තිබේ. ගමත් පන්සලත් අතර බැඳියාව සවිබල කරන අවස්ථාවක් ලෙස සලකන මෙම කඨින පූජාව උතුම් විපාක දෙන ආමිස පූජාවකි. 

එක් විහාරස්ථානයක වසරකට එක් වතාවක් පමණක් සිදු කළ හැකි මෙම පින්කම වෙනුවෙන් පොළොන්නරුවේ මහ පැරකුම්බා රජතුමා සංඝයා වහන්සේලා තුන් දහස් හාරසිය තිස් දෙනෙකුට ද, කෝට්ටේ පරාක්‍රමබාහු රජතුමා අසූ මහ ශ්‍රාවක සංඝයාට මහ කඨින පූජාවක් පැවැත් වූ බව ද සඳහන් වෙයි.
උපුටා ගැනීම අන්තර්ජාලය

෴ධම්ම පදය පාප වග්ගය෴

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
 සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

යම්කිසි පුද්ගල යෙක් පිනක් කරන්නේනම් එය නැවත නැවත නරන්නේය. ඒ පිළිබඳ කැමත්ත ඇතිකර ගතයුතුය. කුමක් නිසාද පින්කිරිම සැප ලැබීමට හේතුවන හෙයිනි.

තුන් ලෝකාග්‍ර ශාන්ති  නායක තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන් සේ ගේ ඉපදීම බුදුවීම පරිනිර්වාණය යන උතුම් සිදුවීම සිදු වූයේ අදවැනි උතුම් වෙසක් පුරපසලෝස්වක පොහෝදිනයකදීය.

ධම්ම පදය (බාලවග්ගය)


ධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චති
යදාච පච්චති පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති
 
නුවණයා පව් මෝරා විපාක දෙනතුරු මී පැණි මෙන් සලකයි. යම් දවසක පාපය මෝරා විපාක දෙන විට ඔහු දුකට පත්වේ.

කපිලවස්තු සර්වඥ ධාතුන් වහන් සේලා (Kapilavastu The Lord Buddha Relics)

ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශණය සඳහා වැඩම වූ සර්වඥ ධාතූන් වහන්සේලා
 ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා
නවදිල්ලි කෟතුකාගාරයේ වැඩසිටින සර්වඥ ධාතූන් වහන්සේලා



ම්බුදු රාජාණන් වහන්සේ පුරා වර්ෂ 45 ක් ලෝ සතුන් හිත සුව පිණිස සදා සැනසිල්ලකට පත්විය හැකි උතුම් ශ්‍රී සද්ධර්මයක් දේශනා කොට 80 වැනි වියේ දී දෙව් මිනිසුන්ගේ මහත් ගෞරව සත්කාර මධ්‍යයෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් වනයෙහි සල් ගස් දෙකක් අතර උතුරු දිසාවට හිසලා සිංහ සෙයියාවෙන් සැතපී වදාරා පිරිවන් පා වදාල සේක.


මෙම මහා පරිනිර්වාණය සිදු වීමෙන් අනතුරුව එකල දඹදිව් තලය පුරා විසිරී සිටි පාලකයන් විසින් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දහනය කොට ශේෂ වූ ධාතු බෙදා ගැනීම සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගන්නා ලදී. මෙසේ සර්වඥධාතු පිණිස ගැටුම් ඇතිකර ගැනීමට සූදානම් වූහ.

මොවුන් සියලූ දෙනාම ධාතු තමන්ට අයිති කර ගැනීමට සුදුසු කමක් ලෙස ඉදිරිපත් කර සිටියේ ‘‘භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්‍ෂත‍්‍රිවම්හ. එබැවින් ධාතුවල හිමිකාරිත්වය අපට හිමි විය යුතුය’’ යන්නය. මේ අවස්ථාවේදී කුසිනාරාවේ මල්ල රජවරුන් කියා සිටියේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ තමන්ගේ ග‍්‍රාමයේ බැවින් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය දහනය කර ශේෂ වූ ධාතුන් වහන්සේලා අන් අයට දීමට නොහැකි බවත් ඒවා තමන්ට අයිති බවත්ය.

‘‘ භාගයවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ අපගේ පාලන ප‍්‍රදේශය තුළය. එබැවින් උන්වහන්සේගේ ශරීරයේ අස්ථි කොටස් අපි අන් අයට නොදෙමු’’.

(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)
මෙම අර්බුදකාරී පිරිස් අතර තවත් සුවිශේෂී පිරිසක් සිටියහ. ඔවුන් නම් කපිලවස්තු ජනපදයෙහි ශාක්‍යයෝය. ඔවුහු තමන් ක්‍ෂත‍්‍රියෝ පමණක් නොව බුදුන්ට ලේ ඥාතිකමක් ද ඇති පිරිසක් බව තරයේ ප‍්‍රකාශ කර සිටියහ.

‘‘භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෙකි. අපි ද උන් වහන්සේගේ ශාරීරික ධාතුවලින් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතුන් උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සව ද කරන්නෙමු.’’

(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)
මෙම ව්‍යසනකාරී මොහොතේ වහා ඉදිරිපත් වූ ද්‍රෝණ නමැති බමුණා ඉතා වැදගත් ප‍්‍රකාශයක් කර ඇත. එය නම් -
‘‘පින්වත් රජවරුන් මාගේ මේ වචනය අසන්න. අපගේ බුදු රජාණෝ ක්‍ෂාන්තිවාදියෙක් වූහ. (සාමය අගය කල පුද්ගලයෙක් වූහ) ඒ උතුම් බුදුරදුන්ගේ ශරීර කොටස් වෙනුවෙන් අවි අමෝරා ගෙන යුද වදින්නේ නම් එය සුදුසු නොවන්නේමය.’’යන්නය.

මේ ආදී වශයෙන් අවවාද කොට එම රජ දරුවන්ට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව ධාතු ඉල්ලූ අට පිරිසට සමසේ ඒවා බෙදා දීමෙන් හා බෙදා ගැනීමෙන් සම්මුතියකට එළඹීමට හැකි විය. ඒ අනුව ධාතු අට කොටසකට බෙදා දී එම ධාතු පුරවා තිබූ නැලිය ද්‍රෝණ බමුණා විසින් ලබා ගෙන ථූපයක් කරවා පුද සත්කාර ද කරන ලද බව සඳහන් වේ. උක්ත රජදරුවෝ ද තම තමන්ට ලැබුණු ධාතු කොටස් ඒ ඒ පාලන ප‍්‍රදේශවල චෛත්‍ය කරවා තැන්පත් කර පූජා සත්කාර කළ බව ථේරවාදී බෞද්ධ ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ අතරින් කිඹුල්වත්පුර - කපිලවස්තුවේ ශාක්‍යයෝ ද තමන්ට හිමි වූ ධාතු කොටස තැන්පත් කොට මහා ථූපයක් කරවා පූජා සත්කාර කළහ.


‘‘කපිලවස්තුවේ (වර්තමාන කිඹුල්වත්පුර නමින් හැඳින්වෙන නේපාලයේ) ශාක්‍යයෝ ද භාග්‍යවතුන්ගේ ශරීර කෙටස් තැන්පත් කොට චෛත්‍යයක් කරවා මහා පූජා සත්කාර ද කළහ’’

(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීඝ නිකාය)
ඉන්දීය පුරාවිද්‍යා කැණීම් මගින් අනාවරණය කර ගැනුණු පුරාවස්තු අතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශරීරයට අයත් අස්ථි කොටස් ඉතා විද්‍යාත්මකව සොයා ගැනීම අතිශය ප‍්‍රසාදය දනවන සිත්ගන්නා සුළු කාරණයකි.
ඇ‍ලෙක්සැන්ඩර් කනිංහැම් මහතා

මෙම පූජනීය ධාතු සොයා ගැනීමේ ගෞරවය හිමි වනුයේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සැලකෙන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතාටය. ඒ අදින් වසර 113 කට පමණ පෙර මොහුගේ මූලිකත්වයෙන් සිදු කළ පුරාවිද්‍යා කැණීම් මගින් මෙම ධාතු හමු වූ නිසාය. ඒවා හමු වූයේ වර්තමාන බිහාරයේ (උත්තර් ප‍්‍රදේශය) පිප‍්‍රාවා නමැති ස්ථානය කැණීම් කිරීමෙනි. පැරණි ඉන්දීය ඉතිහාසයේ දී ‘‘කපිලවස්තු’’ යන්න වර්තමානයේ නාමය හඳුන්වනු ලබනුයේ ‘‘පිප‍්‍රාවා’’යන  නාමයෙනි.

ධාතුන් වහන් සේලා හමුවු අවස්ථාව














ධාතුන් වහන් සේලා හමුවු කරඬු

බ්‍රාහාමීය අක්ෂරයෙන් කරඬුවේ සටහන් කර ඇති ආකාරය

බ්‍රාහාමී අක්ෂරයෙන් ඇති පාඨය
සුකිතිභතානං සභගි. නිකානං සපුනදලනං. ඉයං සලිල නිධනෙබුධය භගවතෙ සකියානං
“මේ ශරීර අස්ථි නිධානය ශාක්‍ය පුත්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ” බවයි.



ධාතුන් වහන් සේලා සොයා සැයේ වර්ථමාන ස්වරුපය.

 
මෙහිදී හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා ගණන විසි දෙකකි. 1978 දී මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසු ශ්‍රී ලාංකික ජනතාවට වැඳ පුදා ගැනීමේ භාග්‍යය උදාවූ අතර 1990 දී පටන් එම පූජනීය ධාතූන් වහන්සේලා කරඬුවත් තැන්පත් කර විශේෂිත වීදුරු මංජුසාවක් තැන්පත් කර නවදිල්ලි ජාතික        
කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.


එදා සිට අද දක්වා නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ විශේෂිත ආරක්ෂාව මධ්‍යයේ වෙඩි නොවදින වීදුරු කුටියක තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා කෞතුකාගාරය නැරඹීමට යන ඕනෑම අයකුට තම පියවි ඇසින් නැරඹිය හැකිය. රත්‍රං ග්‍රෑම් 109 ක් උපයෝගී කරගෙන වටිනා දියමන්ති උපයෝගී කරගෙන අලංකාර ලෙස නිර්මාණය කරන ලද විශේෂිත කුටියක තැන්පත් කර ඇති මෙම සර්වඥ ධාතූ®න් වහන්සේලා සියැසින් දැක වන්දනාමාන කර බුද්ධාලම්භන ප්‍රීතියට පත්වීමට දඹදිව වන්දනාවේ යෙදෙන බැතිමතුන්ටද අවකාශ උදා වී ඇත. තායිලන්ත රජයේ පූර්ණ දායකත්වය මත රනින් නිම කළ මෙම විශේෂිත කුටිය 1997 දී ඉන්දීය රජයට තායිලන්ත රජය විසින් පරිත්‍යාග කොට ඇත.



ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති අයුරු


සර්වඥ ධාතුන් වහන් සේලා සොයා ගත් ඉපැරණි කරඬු යුගලය

අවුරුදු 33 පසු නැවතත් කපිලවස්තු පුර ධාතුන් වහන් සේලා ලක්වැසි ජනතාවට වන්දනා කීරිමට අවස්තාව හිමිවි තිබේ. ඒ වත්මන් ජනාධි පති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ඉල්ලීමක් පරිදි ඉන්දියාවේ සිට නැවතත් ධාතුන් වහන් සේලා මෙරටට වැ‍ඩම කීරිමෙනි.

සර්වඥ ධාතුන් වහන් සේලා ප්‍රදර්ෂනය සඳහා ඉන්දියාවෙන් ලබාදුන් සාංවි ස්තුපයේ අනුරුව


සර්වඥ ධාතූන් වහන්සේලා


ලක්දිවට වැඩමකරනදල සර්වඥ ධාතූන් වහන්සේලා කරඬුවතුල තැන්පත් කරඇති දර්ශනයක්
කරඬුව තුල වැඩසිටින ධාතූන් වහන්සේලා

ගෝස්තු 19, 20, 21 -කැලණිය මානෙල්වත්ත විහාරය

අගෝස්තු 22, 23 - පැල්මඩුල්ල රජමහ විහාරය

අගෝස්තු 24, 25, 26 - අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරය

අගෝස්තු 27, 28 - කන්තලේ අග්‍රබෝධි විහාරය

අගෝස්තු 29, 30 - ගම්පොළ නාරංවිට සම්බුද්ධ ජයන්ති විහාරය

අගෝස්තු 31, සැප්තැම්බර් 01- වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන

සැප්තැම්බර් 02, 03, 04 සහ 05 වැනිදා දහවල් 1200 වනතුරු - මාතර කොටිකාගොඩ රජමහ විහාරය


 තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.









විශ්ව ශාන්තී බුද්ධප්‍රතිමා වහන්සේ The Universal Peace Buddha

ශ්‍රී ලංකාවට වැඩම කරවූ විශ්ව ශාන්ති බුද්ධ ප‍්‍රතිමා වහන්සේ මහජනතාව වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ සකස් කළ විශේෂ මණ්ඩපයක් තුළ දී එය ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ. ලබන 19 වැනි දින දක්වා බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ප‍්‍රදර්ශනය කෙරේ. අදාළ දිනයන්හි පැමිණ එය වන්දනාමාන කර ගන්නා ලෙස ශ‍්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය ජනතාවගෙන් ඉල්ලා සිටි.