වප්පුර පසලොස් වක පෝහෝ දිනය


අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ සිට මේ මොහොත දක්වාම පැවත එන මහා පින්කමක අවසානය මෙම උතුම් පොහොය දිනයෙන් අවසන් වේ. වස් පවාරනය කොට කඨින චීවර පුජාව සිදුවන්නෙ මෙම පොහොය දින තුලදීය. කඨින චීවර පූජාව වසරකට වරක් පමණක් සිදුකරන මහත්වූ පින් රැස්කරගත හැකි උතුම් පින්කමකි.

අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ “සැවැත් නුවර” වැඩවසනා සමයේ “පචෙය්‍ය රටේ” තිස් නමක් භික්ෂූන් වහන්සේලා බුදුපියාණන් වහන්සේ දකිනු පණිස ගමන් ඇරඹීය. වැසි උදාවී ඇති බැවින් අතර මග “සාකේත නුවර” වස් සමාදන්ව වස් තුන් මස වසන්වී යළි ගමන් ඇර්ඹීය. අතරමගදී මහ වැස්සකට කොටුවූ උන්වහන්සේලාගේ සිවුරු තෙතබරිත විය. ඔවන් “ජේතවනාරාමයට” පැමිණියේ තෙත්වූ සිවුරු සමගිනි. මේ පිළිබදව කරුණු විමසීමෙන් අනතුරුව වෙනත් සිවුරක් ආරක්ෂිතව ගෙන ආවේනම් මෙවන් ආපදාවකට ලක් නොවන බව බුදුපියාණන් වහන්සේ දේශනා කොට ඔවුනට “කඨිනහ්කරණය” කිරීමට අවසර දුන්නේය. මෙලෙස දඹදිව මෙන්ම ශ්‍රී ලංකාවේද කඨීන චීවර පූජාව එදා සිට අද දක්වාම පවත්වනු ලැබේ.
මෙම පොහොය දින වැදගත් වන තවත් හේතුවක් වනුයේ “දෙවන පෑතිස්” රජු “අරිට්ඨ” කුමරා ඇතුලු දූත පිරිස “ධර්මාශෝක” රජු වෙත යවා “ජයසිරි මහ බෝධී” ශාඛාව ලංකාවට වැඩමවීම හා අරිට්ඨ් කුමරු හා “සිඟාල” මහ රහතන් වහන්සේ විසින් “මිහිඳු” මා හිමිගේ අනුදැනුම ඇතිව “ථූපාරාමයේ”දී විනය පිටකය සංගායනා කිරීම
සැරියුත් හිමි යන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම වප් පොහොය දින සිදුවිය.


තවද අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම,  භික්ෂුන් වහන්සේලා විනය ප්‍රඤප්තියක් ඉටුකරන දිනය මෙම උතුම් පොහොය දින සිදුවී ඇති තවත් වැදගත් සිදුවීම් වේ.