ශ්‍රද්ධා වන්නත කුල පුතු යෙකුට පහන් සංවේගය උපදවාගෙන දැක වන්දනා මාන කළ හැකි ස්ථාන හතර



බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ අතිශයින්ම කලාතුරකින්ය.එවැනි කලාතුරකින් ලොව පහළවන බුදුරජාණන් වහන්සේලා අත්නොහැර පරිහරණය කරන පුණ්‍යභූමි සතරක් මෙ මිහිතලය මත පිහිටා ඇත.

අප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මෙdහොතකට පෙර ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළවදාළේ ථතාගතයන් වහන් සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ශ්‍රද්ධා වන්නත කුල පුතු යෙකුට පහන්සංවේගය උපදවාගෙන දැක වන්දනා මාන කළ හැකි ස්ථාන හතරක් ඇතිබවය. එනම් ලොව්තුරාසම්මා සම්බුදු පියාණන් මෙලොව එළිය දුටු ලුම්බිණි පුණ්‍යභූමිය,සම්මා සම්බුද්ධත්වයට පත් බුද්ධගයාවේ ‍වජිරාස්‍රන පුණ්‍ය භූමිය, ප්‍රතම ධර්ම දේශණාව සිදුකළ ඉසිපතන මිගදාය පුණ්‍ය භූමිය හා බුදුරදුන් පරිනිර්වාණයට පත් කුසිණාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්ථන සාල උයන පිහිටි පිරිණිවන් මංචක භූමියයි.
 
යම්කිසි කෙනෙක්මේස්ථාන හතර දැක වන්දනා මාන කොට පහන්සංවේගය උපදවාගෙන මරණයට පත්වුහොත් ඔහු ඒ කාන්තයෙන්ම සුගතියෙහි උපදිනවා යැයිබුදුරජාණන් වහන්සේ එදා පිරිනිවන් පෑමට මොහොතකට කලින් දේශනා කළහ.
 බුදුරජාණන්වහන්සේ උපත ලැබූ ලුම්බිණි සල්උයන
සම්මා සම්බුද්ධත්වය ලැබූ බුද්ධගයා පුණ්‍යභූම්ය
ප්‍රතම ධර්ම දේශණාව සිදුකළ ඉසිපතන මිගදාය පුණ්‍ය භූමිය
බුදුරදුන් පරිනිර්වාණයට පත් කුසිණාරාවේ පිරිණිවන් මංචක භූමිය

අග්‍රශාවක ධාතූන් වහන් සේලා

මගේ නමස්කාරය වේවා අග්‍රශාවක ධාතූන් වහන්සේලාට
සාදු සාදු සාදු....!!!

1815 වසරේ ඉන්දියාවේ සාංචි ස්තූපයේ කළ කැණීම්වලදී අග්‍ර ශ්‍රාවක ධාතූන්වහන්සේ හමු වි තිබේ.

1955 වස‍රේ මාර්තු 19 වෙනිදා අග්‍ර ශ්‍රාවක ධාතූන්වහන්සේගෙන් කොටසක් දිවයිනට වැඩම කෙරුණි.

ඒ, ශ්‍රී ලංකා රජයේ හා මහා බෝධි  සංගමයේ ඉල්ලීමක් අනුව 1955 වසරේ මාර්තු මස 19වෙනිදා අග්‍රශාවක ධාතූන් වහන්සේගෙන් කොටසක් දිවයිනට වැඩම කෙරිණි.
 මේ එම ධාතූන් වහන් සේලා දෙනමයි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය (බුද්ධත්වය ලැබීම)

                         




                        
 


    

අනේක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං
    ගහකාරං ගවේස්න්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරකං දිට්ඨෝසි - පුනගේහං න  කාහසී
සබ්බා තේ ඵපාසකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංකාර ගතං චිත්තං - තණ්හානං ඛය මජ්ඣාංගා



පඤ්චස්කන්ධය නැමැති ගෙය හදන තෘෂ්ණාව නැමති
වඩුවා සොයමින් නොදැක නොයෙක් ජාතීන්හි සසර
ඇවිද්දෙමි.  නැවත නැවත ඉපදීම දුකය. එම්බා වඩුව මම තා
දිටිමි. නැවත ගෙය නොසාදන්නෙහිය. තාගේ කෙලෙස් නැමැති
සියලු පරාළ යෝ විනාශ කළෙමි. අවිද්‍යාව නැමැති කැණිමඬල
සිද දමන ලදි. මාසිත අරමුණු කිරීම් නැමති විසංඛාර නම් වූ නිවනට
ගියේය. තෘෂ්ණාව විනාශ කිරීම මම සම්පූර්ණ  ‍කළෙමි.
‍෴‍ගෞතම  සම්මා සම්බුදුරජාණන් වහන්සේ෴

         නමස්කාර වේවා  සම්බුදු පියණන්ට
සාදූ සාදූ සාදූ......

සිදුහත් උපත සහ මහා පරිනිර්වානය









"හන්දදානි භික්ඛවේ ආමන්තයාමී වෝ
වයදම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ"

ඒ හෙයින් මහණෙන දැන් තොප අමතමි
සියලු සංස්කාර ධර්මයෝ අනත්‍යය.
එළෙඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු සම්පාදනය කර ගන්න.
෴මෙය බුදුරජාණන් වහන්සේ ගේ අවසන් බුදුවදනයි.෴

2600 බුද්ධ ජයන්ති ගීතය Buddha jayanthi Song


සුබ වෙසක් මංගල්‍යක් වේවා!


සම්බුද්ධ පරිනිර්වාණය





වැසි සමය චාරිකාවෙන් වැළකී කිසියම් ස්ථානයක නේවාසිකව වැඩ සිටීමත්, අවුරුද්දේ ඉතිරි කාලය ගම්, නියම්ගම්, ජනපද නගර, රාජධානි වල චාරිකා කිරීමත් බුද්ධ චරිතයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. බුදුරජාණන් වහන්සේ පශ්චිම භාගයෙහි ස්වභාවික අයුරින් මහලු බවට ද, ලෙඩදුක් ආදියෙන් දුබල බවටද, පත් වූහ. එහෙයින් ස්මෘතියෙන් හා ප්‍රඥාවෙන් වෙනසකට පත් නොවූහ. පරිනිර්වාණය දක්වාම නොකඩවා මහජන හිතසුව පිණිස යෙදුණහ. ධ්‍යාන සමාපත්ති සුවයෙන් වේදනා මැඩගෙන ස්මෘතියෙන් හා ප්‍රඥාවෙන් පිරිනිවන් පාන මෙහොත දක්වාම ලෝකාර්ථයට කැප වූ ඒ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ පරිනිර්වානය පිළිබඳ තොරතුරු රාශියක් ත්‍රිපිටකයෙහි සඳහන් වන අතර ඒ බොහෝමයක් තොරතුරු සංග්‍රහාත්මකව මහා පරිනිබ්බාන සූත්‍රයෙහි අන්තර්ගතව ඇත.

මේ අනුව තථාගතයාණන් වහන්සේ සිය අවසන් වැසි සමය ගත කිරීමට තෝරාගෙන ඇත්තේ බේලුව නම් ග්‍රාමයයි. ලෝක නාථයාණන් වහන්සේ බේලුව ග්‍රාමයෙහි වස් වැසුවේ අවසාන වැසි සමය ලෙසය. මේ වස් කාලය තුළ භාග්‍යවතුන් වහන්සේ බොහෝ ලෙස ගිලන් වූහ. එහෙත් උන් වහන්සේ මනා සිහියෙන් මනා නුවණින් වේදනා විඳදරා ගනිමින් මා උපස්ථායකවරුන්ට කථා නොකොට පිරිනිවන් පෑම සුදුසු නැත. එබැවින් වීර්යයෙන් මේ රෝගය මැඩපවත්වමියි ඵල සමවතට සමවදිමින් රෝගය මැඩපවත්වා ජීවිත සංස්කාර අධිෂ්ඨාන කොට ගෙන සුවපත් වූහ. උන්වහන්සේ උපස්ථායක අනඳ තෙරුන් කැඳවා මෙසේ වදාළ සේක.

ආනන්ද මා දැන් මහලුයි. වෘද්ධයි. වයස්ගතයි. මම අසූවිය ඇත්තෙමි. දිරාපත් කරත්තයක් හණ පතුරුවලින් පිළියම් කොට පවත්නාක් මෙන් තථාගතයාණන් වහන්සේ ශරීරයත් පිළියමින් පවතී. ආනන්ද, තථාගතයාණන් වහන්සේගේ සියලු අරමුණු නො මෙනෙහි කිරීමෙන් ලෞකික වේදනා නිරෝධයෙන් ඵලසමවත් ලබා වාසය කරත්නම් එවිට පහසුව ලැබේ. ආනන්ද එබැවින් තමා පිහිට කොට තමා සරණ කොට දහම් පිළිසරණ කොට, අනුන් පිළිසරණ නොකොට දහම් පිහිට කොට, දහම් පිළිසරණ කොට වාසය කරව‘ යනුවෙන් තමන් වහන්සේ විසින් දේශනා කළ නොකළ දේ පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කරුණු විහිදා දැක් වූ සේක. බේලුව ගමෙහි අවසන් වැසි සමය ගතකළ උන්වහන්සේ දිනක් විසාලාවෙහි පිණ්ඩපාතයෙහි යෙදී ‘ආනන්ද නිසීදනය ගන්න. දිවා විහාරය සඳහා චාපාල චේතියට යමුයි දැන්වූහ’ භික්ෂූන් පිරිවරාගෙන එහි වැඩම කළ භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළ සේක.

“ආනන්ද විසාලාව රමණියයි. උදේන චේතිය, ගෝතමක චේතිය, චාපාල චේතිය, රමණීයයි. මැනවින් සෘද්ධිපාද වැඩිදියුණු කොට සම්පූර්ණ කළ කෙනෙකුට කැමතිනම් ආයුෂ්කල්පයම හෝ ටිකක් වැඩියෙන් ජීවත්විය හැකිය. තථාගතයාණන් වහන්සේ මැනවින් සෘද්ධිපාද වැඩිදියුණු කොට සම්පූර්ණ කරන ලදී. ඉතින් තථාගතයාණන් වහන්සේ කැමති නම් ආයුෂ්කල්පයම හෝ ජීවත්විය හැකිය’

මෙය තෙවරක්ම නැවත නැවත ඒ ඒ අවස්ථාවේදී වදාළහ. එපමණක් නොව තමන් වහන්සේ අසූවයස් ජරා දුර්වල පිළියමින් නඩත්තු කරන කරත්තයක් මෙන් ශරීරය දුබල බවත්, ඵලසමවත් සුවයෙන් වේදනා යටපත් කොට පහසු විවරණය ලැබිය හැකි බවත් බේලුව ගමෙහිදී අනඳ තෙරුන් සමඟ භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ඊට ස්වල්ප දිනකට පෙරාතුවය. එබඳු ප්‍රකාශයක් කර තිබියදීත් චාපාල චෛත්‍ය ස්ථානයට වැඩම කළ තථාගතයාණන් වහන්සේ මේ කරුණු හෙළිදරව් කිරීම, නිමිති පහළ කිරීම, ආනන්ද තෙරුන්ගේ අවධානයට ලක් නොවීය. කිසි අයුරකින් එය තේරුම් ගැනීමට අසමත් විය. තථාගතයන් වහන්සේගේ සෑම ඉරියව්වක් ගැනම, හැම වචනයක් ගැනම දැඩි ලෙස සුපරික්ෂාකාරී වන අග්‍ර උපස්ථායක අනඳ තෙරුනුවන් වෙත ඒ බුදු ඔවදන් පිළිබඳ අවධානය යොමු නොවූහ.

මේ අවස්ථාවේදී වසවත් මරු අනඳ තෙරුනට භයංකර අරමුණක් දැක්වීමෙන් උන් වහන්සේ එය බලා හුන්හ. භාග්‍යවතුන් වහන්සේට තව දීර්ඝ කාලයක් වැඩ සිටින ලෙස ආයාචනා කිරීමට අතපසු විය. ඉක්බිති අනඳ තෙරනුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන ගොස් රුක් මුලක වැඩහුන්හ. අනඳ තෙරුණුවෝ නික්ම ගිය නොබෝ වේලාවකින් වසවත් මරු භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹියේය. එළඹ පසෙක සිට පරිනිර්වානයට කාලය බව දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ ද මරහු අමතා එතැන් පටන් තුන් මසක් ගත වූ තැන පිරිනිවන් පානා බව වදාළ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ තුන්මසෙහිම පමණක් සමවතට සමවැද ඉන්පසු එයට නොසමවදින්නේමිය සිතින් නියම කරගත් සේක. (ආයු සංස්කාරය අත්හල සේක) බිහිසුණු භූමි කම්පාවක් විය. අහස් ගිගුරුම් ද ඇතිවිය. ඒ බව සලකා භාග්‍යවතුන් වහන්සේ එවේලෙහි ‘බුද්ධ මුණි තෙම පුනර්භවය ඇතිකරන කර්ම නිරාලයව හැර දැමීය. ප්‍රහීණ කෙලෙස් ඇත්තවුනට බියක් නැත. එබැවින් අභීතවම බුද්ධ මුනිතෙම ආයුසංස්කාරය හළේ යැයි’ පී‍්‍රති වාක්‍ය පහළ කළ සේක.

මෙසේ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ විසාලාවේ චාපාල චෛත්‍යස්ථානයේදී ආයු සංස්කාරය අත්හළ සේක. මෙය දැනගත් අනඳ හිමියන් බුදුන් වහන්සේට තෙවරක්ම කල්පයක් වැඩ සිටින ලෙස අයැද සිටියහ. මෙසේ තමන් අයදින අනඳ තෙරුන් අමතන බුදුන් වහන්සේ ‘ආනන්ද සියලු පි‍්‍රයමනාප දෙයින් ඉවත්වීම, වෙන්වීම, වෙනසට පත්වීම, කල්තියාම ඔබලාට මා විසින් ප්‍රකාශ කළා නොවේද? උපන් හටගත් පලුදු වන දෙයක් පලුදු නොවේවා යන්න කොයින් ලබන්නක්ද? එය නොසිදුවන්නකි. ආනන්ද තථාගතයන් විසින් ආයු සංස්කාරය අත්හරින ලදී. නොබෝ දිනකින් පිරිනිවීම සිදු වෙයි’ යනුවෙන් ආනන්ද හිමියන්ට වදාරන්නට වූ සේක. පසුදින පෙරවරුවෙහි විසාලාවෙහි පිණ්ඩපාතයෙහි වැඩියහ. පස්වරු මුළු සිරුර හරවා බලන හස්ති රාජයකු මෙන් භාග්‍යවතුන් වහන්සේ් මුළු සිරුර හරවා නාගාපලෝකනයෙන් විසාලාව දෙස බලා ආනන්ද මේ තථාගතයාණන් වහන්සේගේ අවසන් විසාලා පුරය දැකීමයි’ වදාළහ. ඉක්බිතිව විසල් පුරයෙන් වැඩම කර වූ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන භාණ්ඩගාමයට වැඩම කළ සේක. එතැන් පටන් පරිනිර්වාණය දක්වාම භාග්‍යවතුන් වහන්සේ ශීල, සමාධි , ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාව පිළිබඳ කරුණු දේශනා කරමින් භික්ෂුන් වහන්සේ අප්‍රමාදයෙහි දිරිගැන්වූහ.

මේ ආදී වශයෙන් තම ශාසනයේ චිරස්තිථිය සඳහා අන්තිම අවස්ථාවේදීත් කැපකළ සේක. එසේ උන්වහන්සේගේ ඒ ජීවිතය තුළින් ලෝකයා යහමඟට ගැනීමට ගත් ප්‍රයත්නයකි. මෙසේ උන්වහන්සේ පාවා නුවරට වැඩි අවස්ථාවේදී චුන්ද කර්මාර පුත්‍රයා බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත දනක් පිරිනමන ලදී. මෙසේ චුන්දගේ දානය පිළිගෙන ඔහුට අනුමෙවෙනි බණ වදාරා සතුටු කොට වැඩි භාග්‍යවතුන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය දරුණු ලෙස ඇති විය. මාරාන්තික වේදනා හටගත්තේය. භාග්‍යවතුන් වහන්සේ ස්මෘතියෙන් හා ප්‍රඥාවෙන් යුතුව පීඩා නොගෙන ඉවසූහ. ඉවසමින් ‘ආනන්ද කුසිනාරාවට යමුයි වදාළහ’ රෝගාබාධ සහිතවම කුසිනාව බලා වැඩම වූ උන්වහන්සේ පාරෙන් ඉවත්ව ගසක් මුලට පැමිණ ‘ආනන්ද ක්ලාන්තයි.
 
සඟළ සිවුර නමා මට අසුනක් පණවන්න හිඳගන්නෙමියි කීහ. අනඳ තෙරුන් වහන්සේ සඟල සිවුර හතරට නමා අසුන පැනවූහ. අසුනෙහි හිඳගත් භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්ද පිපාසයි. මට බීමට පැන් ටිකක් ගෙන එන්නැයි’ වදාළහ.

අසනීපය, විඩාව, පිපාසය, පළකළ නමුත් අසල ගලා බස්නා කුඩා දිය පහරේ හැටි දුටු අනඳ තෙරුනුවෝ ‘ස්වාමිනී කරත්ත පන්සියයක් පමණ ගමන් කළේ දැනුයි. රෝද වලින් හෑරී කැලතී බොර වූ වතුර ගලා බසින්නේ යන්තමටයි. ස්වාමිනී, පෑදී මිහිරි සිසිල් වතුර තිබෙන මඩ නැති තොටුපළ හොඳට තිබෙන කුකුත්තා නදිය මේ ළඟයි. එහිදී භාග්‍යවතුන්වහන්සේට පැන් වැළඳීමටත්, ඇඟපත සෝදා ගැනීමටත් පුළුවනැයි සැළ කළහ. භාග්‍යවතුන්වහන්සේ දෙවන වරටත්, තෙවන වරටත් ආනන්ද මට පිපාසයි! පැන් ටිකක් ගෙනෙන්නැයි වදාළහ. එසේය ස්වාමීනියි කියා ආනන්ද තෙරුන් පාත්‍රය ගෙන ගිය විට බොර ව තිබූ නදිය පිරිසිදුව, පැහැදිලිව, ශීතලව ගලා බසිනු දැක පුදුම වූහ. උන්වහන්සේ පාත්‍රයෙන් පැන්ගෙන තථාගතයාණන් වහන්සේ වෙත පැමිණ ස්වාමීනි! පැන් පානය කරන සේක්වැයි ආරාධනා කළහ. භාග්‍යවතුන් වහන්සේ පැන් වැළඳු සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය කුසිනාරාවෙහි මල්ල රජවරුන්ගේ උපවර්තන සල් උයනට සමු දී ආනන්ද තෙරුන්ට දන්වා බොහෝ භික්ෂූන් සමඟ එහි පැමිණියහ. එහිදී ‘ආනන්ද ක්ලාන්තයි. හාන්සිවන්නෙමියි සල්රුක් යුගල අතර උතුරට හිසලා අසුන පිළියෙළ කරන්නැයි දැන්වූ සේක. තථාගතයාණන් වහන්සේ එහි සිංහ සෙයියාවෙන් සැතපුණහ. උන් වහන්සේ සිවුවනත් පිරිස විෂයෙහි ධර්මය දේශනා කරන්නට වූහ.

‘ආනන්ද යම් භික්ෂු, භික්ෂූණී, උපාසක, උපසිකා කෙනෙක් ධර්මානු ධර්ම ප්‍රතිඥාවෙහි යෙදී නිවැරැදි පිළිවෙතෙහි යෙදී වසත් නම් ඔහු තථාගතයාණන් වහන්සේට සත්කාර, ගරුකාර, බහුමාන, පූජා, අපචායන කරති. එබැවින් ආනන්ද මෙහිලා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙමු. නිවැරැදි පිළිවෙත්හි යෙදෙමු කියාම ඔබලා හික්මිය යුතුය.

මෙහිදී තථාගත පරිනිර්වාණයෙන් පසු තත්ත්වයන් පිළිබඳව ද අනඳ තෙරුන්ගේ අවධානය යොමු වූ බව උන් වහන්සේගේ කථාවකින් පෙනී යයි. මෙය මහා පරිනිබ්බාන සූත්‍රයෙහි මෙසේ දැක්වෙයි.
‘ස්වාමිනී, පෙර ඒ ඒ දිශාවන්හි භික්ෂූන් වහන්සේලා බුදුන් දැකීමට පැමිණියහ. අපට උන්වහන්සේ දකින්නටත් ලැබිණ. ඇසුරු කරන්නටත් ලැබිණ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු නැවත අපට දකින්ටත් නොලැබෙයි. ඇසුරු කරන්නටත් නොලැබෙයි.’ මෙහිදී භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ට සැදැහැති කුල පුත්‍රයකු විසින් දැකිය යුතු සංවේග ඉපදවිය යුතු ස්ථාන සතරක් ඇති බව ප්‍රකාශ කළහ.
* මෙහි තථාගතයාණන් වහන්සේ උපන්හ
* මෙහි තථාගතයාණන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළහ
* මෙහි තථාගතයාණන් වහන්සේ අනුත්තර ධම්ම චක්කය පැවැත්වූහ
* මෙහි තථාගතයාණන් වහන්සේ අනුපාදි සේක පිරිනිවනින් පිරිනිවියහ. යන මේ සතර ස්ථානයයි. බුදුන් පිරිනිවියත් උන්වහන්සේ අරමුණු කොට මෙකී සංවේජනීය ස්ථානවලට ඒකරාශී වන සැදැහැවතුන් පහන් සිත් උපදවා සුගතිගාමී වන බවද එහිලා ප්‍රකාශිතය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාන්තාවන් කෙරෙහි භික්ෂූන් පිළිපැදිය යුතු ආකාරය වැනි දේද අනඳ තෙරුන් විසින් විමසා ඇත. සිහි පෙරදැරිව ස්ත්‍රීන් කෙරෙහි පිළිපැදිය යුතු බව පෙන්වා දුන් භාග්‍යවතුන් වහන්සේ තථාගත දේහය පිළිබඳව මෙසේ ප්‍රකාශ කළහ.
‘ආනන්ද ඔබලා තථාගත දේහයට පූජා පැවැත්වීම පිණිස කල්ගත කරන්නට එපා. තමාහට වැඩ පිණිස උත්සාහ කරව්. තමාහට වැඩ පිණිස අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව නිවනට යොමුකළ සිතින් වාසය කරව්.
 
ආනන්ද තථාගතයන් වහන්සේ කෙරෙහි අතිශය ප්‍රසාදයට පත් නුවණැති ක්ෂත්‍රියෝ බ්‍රාහ්මණයෝ ගෘහපතියෝ සිටිති. ඔවුහු තථාගත දේහයට පුද සත්කාර පවත්වති.
අනඳ තෙරුන්ගේ තවත් විමසීමකට පිළිතුරු වශයෙන් සක්විති රජකුගේ දේහයට මෙන් තථාගත දේහය විෂයෙහි පිළිපැදිය යුතු බවත්, බුද්ධ පච්චේක බුද්ධ, අරහන්ත, චක්‍රවත්ති රාජ යන සතර දෙනා ස්තූ®පාර්හ බව භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ බව සඳහන්ව ඇත. මෙසේ උන්වහන්සේ තම ශ්‍රාවක පිරිස අමතමින් ලෝකයාගේ හිතසුව පිණිස කල් ගෙවන්නට වූ සේක. මේ අතර සුභද්ද තමන්ට ඇති වූ සැකයක් විසඳා ගැනීමට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. සුභද්‍ර බුදුන් වහන්සේගෙන් බිහි වූ අවසන් ශ්‍රාවකයායි.
අවසානයේ භාග්‍යවතුන් වහන්සේ සිංහසෙය්‍යාවෙන් සැතපී සිටින අවස්ථාවේදී දිව්‍ය, බ්‍රහ්ම, සේනාවෝ අහස්හි සිට සුවඳ සුණු මල් ආදිය වගුරුවාලීමෙන් ද දිව්‍ය ගීත වාදිත පැවැත්වීමෙන් පුද පෙළහර කළහ. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා ‘ආමිස පූජා මාත්‍රයෙන් පිදීම තථාගතයාණන් වහන්සේට කරන නිසි ගරු බුහුමන් නොවන බවත්, යම් භික්ෂූවක් හෝ මෙහෙණියක හෝ උපාසක හෝ උපාසිකාවක නව ලෝකෝත්තර ධර්මයට අනුධර්ම වූ පූර්වභාග ප්‍රතිපත්තියට පිළිපන්නෙකුව වසතොත් ඒ පුද්ගලයා නිසි උතුම් පූජාවෙන් තථාගතයන් වහන්සේ පුදන්නකු බවත් වදාරා අවවාද කළ සේක. මෙසේ ගෞතම බුදුපියාණන් වහන්සේ තම ශ්‍රාවකයන් අමතා අන්තිම බුද්ධ වචනය දේශනා කළ සේක.
‘මහණෙනි සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. එබැවින් එළඹ සිටි සිහියෙන් සියලු පැවිදි කිස සම්පූර්ණ කරව්’ යනුවෙන් අවසන් බුද්ධ වචනය දේශනා කළ සේක’.

මින්පසු ප්‍රථම ධ්‍යානයට සමවත් සේක. ඉක්බිති ඉන් නැගිට ද්විතීය ධ්‍යානයටද, ඉන් තෘතිය ධ්‍යානයටද අනතුරුව චතුර්ථ ධ්‍යානයටද ආකාසානාඤ්චායතන සමාපත්තියටද, ඉන් විඤ්ඤාණඤචායතන සමාපත්තියටද, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියටද අනතුරුව නිරෝධ සමාපත්තියටද සමවත් සේක. යළිත් නිරෝධ සමාපත්තියෙන් නැගිට නෙවසඤ්ඤා නාසඤ්ඤායතන , ආකිඤ්චඤ්ඤායතන, විඥානඤ්චායතන, ආකාසානඤ්චායතන, චතුර්ථ ධ්‍යාන, තෘතිය ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, ප්‍රථම ධ්‍යාන යන මේවාටද පිළිවෙළින් සමවැදී ද්විතීය තෘතිය චතුර්ථ ධ්‍යානයන්ටද සමවැද නැවත ප්‍රථම චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිටි සේක.

එදා අලුයමින් අරුණෝද්ගමනයට පෙර චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිට අනතුරුව ඒ මහා කාරුණික වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ ශාන්තිනායකයාණන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවට තමන් වහන්සේද ආදර්ශ කෙරෙමින් නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.
භාග්‍යවතුන්වහන්සේ පිරිනිවන් පෑ වදාළ අවස්ථාවෙහි මහත් භූමි කම්පාවක් විය. බලවත් වූ අහස් ගිගුරුම් ද විය. බුද්ධ පරිනිර්වාණ ක්ෂණයෙහිම සහම්පති මහා බඹ තෙම ‘ලොව මෙවැනි අති පුද්ගල වූ මේ ජගදාචාර්යයන් වහන්සේ යම් සේ පිරිනිවන් පෑ සේක්ද, එසේම ලෝක ධාතුවේ සියලුම සත්ත්වයෝ ජීවිතේන්ද්‍රීය විනාශයෙන් සිය සිරුර බහාලන්නෝ යැයි පැවසීය. ශක්‍ර දේවේන්ද්‍ර තෙම ‘ සංස්කාරයෝ අනිත්‍යය. හැම දෙය නැසෙන සුළුය. ඉපිද නිරුද්ධ වෙති. එබැවින් ඔවුන් සන්සිඳීම සැපත වේ’ යැයි අනිත්‍ය මෙනෙහි කරන්නට විය.

මල්ල රජවරු භගවත් ගෞතමයාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු සැටි ආනන්ද තෙරුණුවන් වහන්සේගෙන් අසා දැන අලුත් කසී වස්ත්‍රයෙන් බුද්ධ ශරීරය වෙලා ඉන්පසු මනාව වේලූ කපු පුළුන්ද වෙලූහ. ඉන්පසු නැවතත් කසීවතින් වෙලූහ.
මේ ආකාරයෙන් පන්සියයක් පමණ කපු පුළුනෙන්ද පන්සියයක් කසීසළු වලින්ද බුද්ධ ශරීරය වෙලා සුවඳ තෙල් පිරූ රන් දෙනක බහා එබඳුම රන් දෙනකින් වසා සුවඳ දරින් වූ දරසෑයෙහි රන් දෙණ නැංවූහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ දේහයට මල්ල රජහු සිවු දෙනකු විසින් ගිනි තැබූ මුත් ගිනි නොගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතැනට වැඩම කර නොසිටි හෙයිනි. උන්වහන්සේ එතැනට වැඩම කර භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ දේහයට සිය උපහාර දක්වා අවසානයේ සෑය දැවුනේ මහත් වූ පුදුමයක් දනවමිනි.
 
මෙසේ අපගේ බුදු මෑණියන් වූ බුදු පියාණන් වූ භාග්‍යවත් අරහත් ගෞතමයාණන් වහන්සේ සිය සර්වඥ දේහය තුළින්ද සියල්ලන්ට අනිත්‍යතාවයේ ලක්ෂණ ප්‍රකට කර දුන් සේක.

 මෙම දහම් කරුණු  උපුටා ගන්නාලද්දකි

ධම්ම පදය










‍ගෞතම බුදුරජාණන් වහනසේ


 
බුදුරජාණන් වහන්සේ ගිහි කළ සිදුහත්(සිද්ධාර්ථ) නම් විය. "යහපත උදාකරන තැනැත්තා" යනු ඒ නමෙහි තේරුම යි. සිද්ධාර්ථයන් උපත ලැබුවේ කපිලවස්තු (කිඹුල්වත්) නගරයේ ගෞතම ගෝත්‍රයට හා ශාක්‍ය වංශයට අයත් රාජකීය පවුලක ය. එතුමන් ගේ පියා සුද්ධෝදන රජතුමා ය; මව මහමායා (මායා) දේවිය යි. සිදුහත් කුමරුන් උපත ලැබුවේ වෙසක් පොහෝ දිනක (ක්‍රි.පූ. 624 පමණ), ලුම්බිනි නම් සල් උයනේදී ය. කුමරු ඉපිද දින 7න් මහමායා දේවිය කලුරිය කර, තව්තිසා දිව්ලොව මාතෘ දිව්‍යරාජයා ලෙස උපත ලදින්, එතැන් පටන් සිදුහත් කුමරුට මව් වූයේ සුළු මව (මවගේ නැගණිය)වූ මහා ප්‍රජාපතී ගෝතමීය යි. එක රජ පවුල්වල සිරිතට අනුව සිදුහත් කුමරුන් යසෝදරා දේවිය සමඟ විවාහ වූයේ වයස අවුරුදු 16 දී ය.

ලක්‍ෂණ ශාස්ත්‍රයෙ හි නිපුණ වූවන් උන් වහන් සේ ගිහි ගෙය හැර ගොස් බුදු බව ලබන බැව් එකුමරුට නම් තබන දිනම පවසා තිබිණ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහිත ව උපන් කෙනෙකු සම්මා සම්බුද්ධත්වයට (ගිහි ගෙය හැර ගියහොත්) හෝ සක්විති රජ පදවියට (ගිහි ගෙය රැඳුනොත්) පත් විය යුතු යන නියමය දත් සුද්ධෝදන රජතුමා ඇතුළු හැම දෙනම උත්සාහ කළේ උන් වහන්සේ ගිහි ගෙය (එනම් පස් කම් සැප තුළ) රඳවා ගැනීමට යි. ස්වභාවයෙන්ම විමසිලිවන්ත වූ සිද්ධාර්ථ බෝසතානන් ට කාමභෝගී ගිහි ජීවිතයේ නිසරු බව ත්, ජීවිතය හා බැඳී පවතින දුකින් මිදීම් අවශ්‍යතාවත් පසක් වීමට සතර පෙර නිමිති දැක නුවණින් විමසීම ම ප්‍රමාණවත් විය. මෙම නික්මීමේ අදිටන මුදුන් පත් වූයේ, වයස අවුරුදු 29 දී, සිය කුළුඳුල් පුතු රාහුල කුමරු උපන් දිනම, විමුක්තිය සොයා අබිනික්මන් කළේ (ගිහි ගෙය හැර ගියේ) සියළු ලෝ වාසීන්ට දුකින් මිදීමේ මඟ හෙළි කිරීමේ අදිටනිනි.

ගිහි බැමි හැර ශ්‍රමණයකු විය යුතු යැයි හැඟීම හැර විමුක්තියට මග පිළිබඳ අන් කිසිම දැනුමක් එ කල්හි සිද්ධාර්ධයන් ට නොතිබිණි. විමුක්තිය සොයා යෑමේ නොසිඳෙන වීර්යයත්, එය අන් අයට හෙළි කිරීමේ සානුකම්පික හැඟීමත් නිසාම සය වසක් මුළුල්ලේ උන්වහන්සේ කළේ සත්‍යය සොයා යෑම යි. මෙය ධර්මයේ හැඳින්වෙන්නේ ආර්ය පර්යේෂණය ලෙස ය.

සත්‍ය ගවේශනය වෙනුවෙන් උන් වහන්සේ මුලින්ම කළේ විමුක්තිය සාක්‍ෂාත් කරගෙන සිටී යැයි එකල සිතා සිටි ආචාර්ය වරුන් සොයා යාමයි. භාවනාව ප්‍රගුණ කර අරූප ධ්‍යාන (මෙය බුදු දහමෙහි සම්මා සමාධිය නොවේ; ධ්‍යාන මට්ටමක් පමණී) උපදවා සිටි ආලාර කාලම සහ උද්දක රාමපුත්‍ර එවැනි ගුරුවරුන්ය. සුළු කලකින් ඔවුන්ගේ ධර්මයන් ප්‍රගුණ කළ සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේ ඒවා විමුක්තිය වෙත යොමු නොවී ඇතැයි අවබෝධයෙන්ම බැහැර කළහ; තමන් ම විමුක්තිය සොයා ගත යුතු බව වටහා ගත්හ.

පස් කම් සැපෙහි ඇලි ගැලී සිටි කාමසුඛල්ලිකානුයෝගී අන්තය නිසරු බැව් මේ වන විටත් පසක් කර සිටි හෙයින් එතුමන් මෙවර තෝරා ගත්තේ ශරීරයට දැඩි දුක් පීඩා දී පව් ගෙවා දැමීම යැයි සමාජ සම්මතයේ පැවති අත්ථකිලමතානුයෝගී අන්තය යි. පස්වග භික්‍ෂූන්ගේ උපස්ථාන ලබමින් අවුරුදු හයක් මුළුල්ලේ දුෂ්කර ව්‍රත වල හැසිරීමෙන් (දුෂ්කර ක්‍රියාවෙන්) පවා උන් වහන්සේ පැතූ විමුක්තිය ළඟා කර ගත නොහැකි විය. මෙම පරීක්‍ෂණයේ නිගමනය වූයේ, අත්ථකිලමතානුයෝගය විමුක්තියෙන් බැහැරට ම යන බවයි.
ඉන් අනතුරුව උන් වහන්සේ ගේ මතකය ගියේ ළදරු වියේ දී දඹ රුක් මුලක හිඳ වැඩූ ආනාපානසති භාවනාවත් එයින් අත්දුටු සමාධි සුවයත් වෙතය. කාමසුඛල්ලිකානුයෝගී සහ අත්ථකිලමතානුයෝගී මාර්ගවලින් බැහැරවූ මැද මාවතක් (මධ්‍යම ප්‍රතිපදාව) අනුගමනය කළ යුතු බැව් උන් වහන්සේට වැටහිණි. එය අනුගමනය කරමින් සමාධියත්, ඒ තුළ විදර්ශනා ප්‍රඥාවත් වැඩූ උන් වහන්සේ වෙසක් පොහෝ දිනක ඇසතු බෝ රුකක් මුල සියලු කෙලෙස් නසා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්ග.

එතැන් සිය 45 වසක් මුළුල්ලේ උන් වහන්සේ ජීවිතය ගත කළේ සියළු ලෝ වැසියන් ගේ හිත සුව පිණිස අවබෝධ කරගත් එම ධර්මය දේශනා කිරිමටයි.
මෙම වෙසක් පොහෝ දිනට  වනවිට බුදුරදුන් බුදුවී වසර 2600 සපිරේ.
උපපුටා ගැනීමකි
සහස්සසම් පි චෙ වාචා
අනත්ථ පද සංහිතා
එකං   අත්ථපදං සෙය්යො
යං සුත්වා උපසම්මති

අවැඩ සිදුවන වචන දහසකට වඩා
 සංසිදිමට හේතු වූ  එක වචනයකුදු ඉතා උතුම්ය.
෴ධම්ම පදය෴

"සුඛා මත්ත්‍යෙතා  ලොකෙ
අථො පෙත්ත්‍යෙතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලො‍කෙ
අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා"

මේ ලෝකයෙහි මවට උපස්ථාන කිරීම සැපයකි.
පියාට උපස්ථාන කිරීම ද සැපයකි. භික්ෂූන් වහන්සේට සත්කාරකිරීම ද සැපයකි.
 බුද්ධා දී උතුමන්ට සත්කාරකිරීම සැපයකි.

෴ධම්ම පදය෴



 
එකං ධම්මං අතීතතස්ස
මුසාවාදිස්ස  ජනතු නො
විතිණ්ණ පරලෝ කස්ස
නත්ථි පාපං අකාරියං

සත්‍ය නම් එකම ධර්මය බහැරකළ
බොරු කියන පරලොව  නොතකා හල
මිනිසාට නොකළ හැකි පාපයක් නැත.
෴ධම්ම පදය෴


කායෙන සංව‍රො සාදු
සාදු වචාය සංවරො
මනසා සංවරො සාදු 
 සාදු සබ්බත්ථ සංවරො
සබ්බත්ථ සංවුතො භික්ඛු
සබ්බ දුක්ඛා පමුජ්ජති

කයින් සංවර වීම මැනවි වචනයෙන් සංවරවීම මැනවි
සිතින් සංවරවීම මැනවි සිත කය වචන යන තිදොර
හික්මවාගත මහණ සියලු දුකින් මිදෙයි.
෴ධම්ම පදය෴
“කෝ නු හාසෝ කිමානන්දෝ
නිච්චං පජ්ජලිතේ සතී
අන්ධකාරේනන ඕනද්ධා
පදීපං න ගවෙස්සථ”

ලෝකය ගින්නේ දැවෙන කල්හි සිනාව යනු කමක්ද?
අන්ධදකා‍රයේ ගැලී සිටින ඔබ ආලෝකය නොසො යන් නෙහිද?
෴ධම්ම පදය෴